IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ මහ නගර සභාව කෝටි 400ක වරිපනම් පිනට ඇරලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ මහ නගර  සභාව නගරවාසීන්ගෙන් රුපියල් කෝටි 400කට අධික වරිපනම් බදු ප්‍රමාණයක් මෙතෙක් එකතු කරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝපා) තොරතුරු අනාවරණය විය. 

මේ තොරතුරු අනාවරණය වූයේ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් එම කමිටුව හමුවට පසුගියදා කැඳ වූ අවස්ථාවේදීය.

කෝපා කමිටුවේ සභාපති මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවැසුවේ බදු එකතු කිරීම විධිමත් කරන ලෙසට නගර සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

බදු එකතු කිරීමේ ප්‍රශ්නයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

"මේ හිඟ බදු කොච්චර පරණ ඒවද? ළඟදී තියෙන ඒවා මොනවද? ගන්න පුළුවන් ඒවා මොනවද? බැරි ඒව මොනවද? ඒ ගැන තමයි අපි විමසන්නේ” යැයි  සභාපතිවරයා එහිදී පැවැසුවේය.

එහිදී අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික භාණ්ඩාගාරික නන්දන රාජපක්ෂ මහතා පැවැසුවේ කොටුව ප්‍රදේශයේ පමණක් හිඟ වරිපනම් කෝටි හැට එකක් තිබූ බවයි.

මෙම හිඟය අයකර ගත හැක්කේ බදු ගෙවන්නන්ගේ දේපළ තහනම් කිරීමට තිබෙන ක්‍රමවේදය බලාත්මක කිරීමෙන් බව ද ඔහු කීවේය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී කැලී බල්තසාර් මහත්මිය පැවැසුවේ කොළඹ නගර සභාවේ මෙම අඩුපාඩු කඩිනමින් නිවැරැදි කිරීමට කටයුතු කරන බවයි.



අදහස් (0)

කොළඹ මහ නගර සභාව කෝටි 400ක වරිපනම් පිනට ඇරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site