කොළඹ මහ නගර සභාවේ සභික ධූර 117කින් සභික ධූර 48ක් ලබා ගැනීමට ජාතික ජනබලවේගය සමත්විය. විපක්ෂයේ සෙසු කණ්ඩායම් සභික ආසන 69 දිනා ගත්හ.
ඒ අනුව සමගි ජනබලවේගය ආසන 29ක්ද, එක්සත් ජාතික පක්ෂය 13ක්ද, ශ්‍රී ලංකා පොදු ජන එපෙරමුණ ආසන පහක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන හතරක්ද, ස්වධීන කණ්ඩායම ආසන තුනක් ද, එක්සත් සාම සන්ධානය ආසන දෙකක්ද, සර්වජන බලය ආසන දෙකක්ද, ස්වාධීන කණ්ඩායම හතර සහ පහ සභික ධූර දෙක බැගින් ද ස්වාධීන එක සහ දෙක ආසනය බැගින් ද, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ජාතික මහජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, මහජන සන්ධානය එක් ආසනය බැගින් දිනා ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා ප්‍රදර්ශනය තිව්වෙත් ඡන්ද ඉලක්ක කරගෙන, ජනාධිපති රැස්වීම් ගණනාවක් කතා කළා, ජනාධිපතිවරනෙකට තරම් වියදම් කළා, හැමතැනම කාර්යාල දැම්මා, කොටි ගානක් වියදම් කරලා බස් 5500ක් ගෙන්නවල මැයි පෙළපාලි ගියා, එත් මිනිස්සු කලින් වගේ ඡන්දය දුන්නේ නැහැ, ආණ්ඩුව තේරුම් ගන්න ඕන යන පිළිවෙල වැරදියි කියල, ගිය ආණ්ඩු වලට බැණ වැදිලා ශේප් කරගන්න පුළුවන් විපක්ෂේ ඉන්න කාලේ, එත් වැඩ කරන්න පුළුවන් උපරිම බලය ලැබිලත් කිසිම වැඩක් නොකර විපක්ෂයට බැනනාම ඡන්ද දිනන්න බැහැ , ජනාධිපති ඡන්ද දිනන පාඩම් ඉගැන්නුවාට ඔය පාඩම දන්නේ නැහැ වගේ . බලය වැඩි වුනාම අර මාත්සර්යය වැඩි වෙලා පුරසාරම් කියවපු කටුස්සෙක් තමයි මාලිමාව, මොලේ තියෙනවා නම් ඔන්න දැන්වත් පාඩමක් ඉගෙනගෙන වැඩක් කරල පෙන්වන්න පුළුවන්
ලංකා ඉතිහාසයේ 1954 සමසමාජ පක්ෂය හැර කිසිම පක්ෂයක් කොළඹ නගරසභාවේ බලය අරන් නෑ. එදා එක්සත් ජාතික පක්ෂයත් බහුතරයක් නැතුව නගරාධිපති තොර ගත්තා.