IMG-LOGO

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයට සූර්ය පැනල සවිකර කරයි

(යොහාන් භාසුර)

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ගල්ඔය හා හිඟුරක්කොඩ දක්වා කොටසේ අඩි 1520 ක සූර්ය පැනල සවිකර ආලෝකමත් කිරීමට තීරණය කළ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැවසීය.

වන අලින් මුහුණදෙන අනතුරු වළක්වා ගැනීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී ඊයේ (22) පැවැති සාකච්ඡාවෙන් පසුව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා එසේ පැවසීය.  

අලින්ට මාර්ගය හොදින් දිස්වන ලෙස එම මාර්ගයේ අඩි 15-20 ක් දෙපැත්ත හොදින් සුද්ධ කිරීමට තීරණය කළ බවත් එම මාර්ග කොටසේ පිහිටීම අනුව අලින්ට මාර්ග දුම්රිය ක්ක්‍ෂණිකව දිස්නොවීම ගැටලුවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය සරත් මහතා කීය.

ඒ අනුව මාර්ගයේ පිහිටීම වෙනස් කරන්න සාකච්ඡා කළ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා සූර්ය පැනල පාවිච්චි කරලා මාර්ගය ආලෝකමත් කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

 මුරපොළවල් පිහිටුවීම, කවුඩුල්ල සහ මින්නේරිය අතර අලින්ට මාරුවීමට අලි කොරිඩෝ ඉදිරිකිීම ආදි විසඳුම් රැසක් පිළිබඳව සාකච්ඡා කළ බවත් තව ද දුම්රියේ වේගය පිළිබඳව මෙහිදී දැඩි අවදානය යොමුකළ බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කවුඩුල්ල රක්ෂිතයේ සිට මඩකලපුව -කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අලි රංචුවක් මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී පසුගිය 20 වැනිදා වූ අනතුරෙන් වන අලි හතක් මරණයට පත්වූහ.

මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි රංචුවක් මියයෑම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහ සෙසු බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේ තවත් අදියරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා බලධාරීන් විශේෂ දුම්රියකින් අදාල මාර්ග ප්‍රදේශය නිරීක්‍ෂණය කළහ. 

 



අදහස් (5)

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයට සූර්ය පැනල සවිකර කරයි

Nandalal de Silva - France Sunday, 23 February 2025 03:42 PM

වන අලින් පැමිණ ඔය සූර්ය පැනල කඩා විනාශ කිරීමට ප්‍රථම, ඔය පළාතේ ඉන්නා හොර රංචු, කළුකඩ බිස්නස් කාරයින් පැනලා ගලවා විකුණා දමන්න පුළුවන්. "නටපු තොවිලයකුත් නැත, බෙරේ පලුවකුත් නැත" කියන්න වෙන්නේ එතකොට තමයි !!! වන අලින්ටත්, දුම්රියටත් එතකොට අබ සරණයි...!!!

:       3       50

RishadSunday, 23 February 2025 04:13 PM

යේක හොඳ තමා... කදුරුවෙල යප්පිගේ ගෙදරට සෝලා පැනල් දාගන්න පුළුවන් ටික දවසකින්...!

:       1       31

Nilantha Sunday, 23 February 2025 05:22 PM

කුරා කූඹියෙකුටවත් පාඩුවක් වෙන්නේ නැත්නම් ලංකාවේ තියෙන අධිවේගී මාර්ගවලත් සූර්‍ය බලශක්ති නිපදවීම් කට්ටල සවිකරාවි කියලා හිතෙනවා..

:       0       30

Ro Sunday, 23 February 2025 09:06 PM

මිනගයා දුම්රියේ අලි ගැටුණු දවසේ දුම්රිය රියදුරු ලෙස සේවය කර ඇත්තේ නුසුදුසු පුද්ගලයෙක් කියා දැනගන්න ලැබුණා.

:       0       1

සෙනෙවිරත්න Sunday, 23 February 2025 09:58 PM

මෙතන දාන කමන්ට් බැලුවම ලංකාව මෙහෙමවත් තියෙන එක පුදුමයි. , හොරලවනවා කියල මේ කරන එක එපා කියන උන්ට බැරිද රේල් පාරෙ අලි එලවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 14 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 274 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 432 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1196 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 286 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 619 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1404 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1605 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site