IMG-LOGO

කොළොන්නාවේ ගංවතුර නවත්තන්න ව්‍යාපෘති විසි හයක්

 

(අංජුල මහික වීරරත්න)

කොලොන්නාව ප්‍රදේශයේ වැසි ජල සහ ගංවතුර ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා රුපියල් මිලියන 30ක ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති 26 ක් කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  නිරීක්ෂණය කළේය. 

එහිදී අදහස් දක්වමින්  නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  පැවසුයේ කොලොන්නාව ප්‍රදේශයේ  ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවයි.

මීට පෙර රජයන් සිදු කළේ ගංවතුර පැමිණි විට කෑම ටිකක් බෙදා තත්ත්වය මග හැර යාම බවයි. නමුත් වත්මන් රජය කොළොන්නාවේ ගංවතුරට ස්ථිරසාර විසඳුමක් දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (10)

කොළොන්නාවේ ගංවතුර නවත්තන්න ව්‍යාපෘති විසි හයක්

රුවන් Wednesday, 21 May 2025 08:22 PM

80 දශකයට කලින් ඔය හරියේ වගුරු බිමක්, බේරේ වැවට ජලය ගලා ගියේ ඔය හරියෙන්. දැන් මුඩුක්කු, අවිධිමත් ජනාවාස හින්දා ජලය ගලා බසින්නේ නෑ.

:       0       29

බකල ජයා Thursday, 22 May 2025 08:06 AM

ඕක තිහක්ම කෙරුවනම් රවුම් ගාණක් නිසා මතක තියාගන්න ලේසියි.

:       0       4

Vijitha Herath Thursday, 22 May 2025 05:03 AM

ගම්පහට මම හොඳින් සලකනවා.

:       2       3

Manjula Bogoda Thursday, 22 May 2025 06:18 AM

නගර සබා වලින් ලොකු ලොකු දේවක් ඕනා නෑ. කුණු ටික එකතු කරලා නිසි විදිහට බැහැර කාලා නම් 90% වැඩේ ඉවරයි

:       0       2

සාලිය Thursday, 22 May 2025 07:18 AM

අනවසර පහත්බිම් පදිංචි කරුවන් අයින් කරන්න, ගංවතුර ඔහේ ගලාගෙන යයි. අපරාදේ මහජන මුදල් අනවසර පදිංචි කරුවන් පරිස්සම් කරන්න යොදන්න එපා.

:       0       4

Dananjaya Thursday, 22 May 2025 07:44 AM

වැලවත්ත කානු අවුරුදු ගණනකින් සුද්ධ කරලා කෙරලා නෑ ... කානු පද්ධතිය සුද්ධ කිරීමෙන් පස් ටිපර් 50කට වඩා ගන්නේ පුළුවන්.

:       0       2

Bunny Preena Thursday, 22 May 2025 09:29 AM

මල්වානේ රඹුටන් වගේ තමයි කොලොන්නාව කියපුහම ගංවතුර. NPP රජයෙන්වත් ගංවතුරෙන් පීඩාට පත්වන ජනතාවට ස්ථීර සාර විසඳුමක් ලැබුණොත් හොඳයි. නැත්නම් එරංග අමාත්‍යතුමා කිව්ව වගේම බත් පැකට් එකයි බෝට්ටු වෙයි පිහිටම තමයි.

:       1       3

Jayasekara Thursday, 22 May 2025 09:57 AM

මම උදේ හවස කොළඹට ඉස්කෝලේ ගියේ, ඔය ගොතටුව බන්ට් එක පහුකරගෙන.. ඒ කාලේ බන්ට් එක තුළ තිබ්බේ පන්සලක් විතරයි... දැන් ඒ වගුරුබිම මම ගොඩ කරලා ගෙවල් හදලා... ඉස්සර තනිකරම නෙළුම්, ඕළු, මාණෙල් මල් පිපුණු සුන්දර වැවක්... පහුගිය කාලේ කොළොන්නාවේ හිටපු මන්ත්‍රී තමයි ඔය ඔක්කොම අනවශ්‍ය ඉදි කිරීම් වලට අවස්ථා දීලා පදින්චි කරේ...

:       2       5

ලමය Thursday, 22 May 2025 12:07 PM

කෝ හිරුනිකා ,මැතිවරනයෙන් පස්සෙ ආගිය අතක් නැ

:       0       0

රුවන් Thursday, 22 May 2025 07:43 PM

ඉස්සර ඔය හරියේ වැවක් තිබ්බා මම පොඩි කාලේ දැන් හොයන්නවත් නෑ. අත්තිඩිය යට වෙන්න හේතුවත් මේකමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site