IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කළාඔය පිටාර ගලා විල්පත්තුව මාර්ගයත් වැහෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය  අද(19 ) සිට  වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

ඉහල ජලධාරා ප්‍රදේශ වලට ඇද හැලෙන මහ වැසි හා රාජාංගන ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීමත් සමග එයින් එන දැවැන්ත ජල කද කළාඔය හරහා පැමින වනාතවිල්ලුව ගගේවාඩිය ආසන්නයෙදී මුහුදට වැටිම සිදුවෙයි.

එම ජල කල හේතුවෙන් පුත්තලම සිට වනාතවිල්ලුව හරහා ක්‍රොස්වේ තැලවිලි පාලම මතින් විල්පත්තුව ජාතික වන උද්‍යානය හරහා ගමන් කිරීම සිදුවෙති.

නමුත් ගලා බසිනා දැවැන්ත ජල කද  අද වන විට එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවි වනජීවි කාර්යාල භුමිය හා ඒ අසල පිහිටි නාවික හමුදා කදවුර ද මේ වන විට ජලයෙන් යටව ඇති බව ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරමින් විල්පත්තුව ජාතික වන උද්‍යානයට ගමන් කල සංචාරකයින්, වනජීවි නිළධාරින් හා ආරක්ෂක අංශ සාමාජීකයින්ට එය තාවකාලිකව ජලය  ක්‍රමයෙන් බැස යන තුරු ගමනා ගමන කටයුතු නවතා ඇති බව කියයි.

සපත්තු පාලමට උඩින් අඩි 15 කට ආසන්න උසකින් දමා ඇති එල්ලෙන පාලමට ආසන්න වන්නට මේ වන විට ජල කද ගලා යමින් ඇති බව වනජීවි නිළධාරීහු පවසති.

ඒ සමගම කළාඔය පිටාර ගැලිම නිසා එළුවන්කුලිම මාර්ගයෙද ජලය ක්‍රමයෙන් වැඩිවිමක් සිදුව ඇති බව කියයි.



අදහස් (0)

කළාඔය පිටාර ගලා විල්පත්තුව මාර්ගයත් වැහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site