IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කහටගස්දිගිලිය රෝහලේ අරුම පුදුම X-RAY යන්ත්‍රය

(දයාරත්න ඇඹෝගම)

රුපියල් ලක්ෂ 113 ක වියදමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත කරන ලද විකිරණ (x-Ray) ඒකකය 2021 වසරේ සිට මේ දක්වා  වසා දමා තිබෙන බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් කොට ඇත.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් පසුගිය 2021 වසරේ රුපියල් ලක්ෂ 35 ක වියදමක් දරා නවිකරණය කොට ඒම ගොඩනැගිල්ලේ රැපියල් ලක්ෂ 61 ක මුදලක් ගෙවා විකිරණ යන්ත්‍රයක්ද මිලදි ගෙන සවිකොට තිබුණි.

පසුගිය 2022 වසරේදි වසර දෙකක වගකිම් කාලයකට යටත්ව පුද්ගලික ආයතනයකින් මෙම විකිරණ යන්ත්‍රය මිලදි ගෙන තිබු අතර වගකිම් කාලය අවසන් විමෙන් පසුව වසර පහක කාලයක් මුදල් ගෙවා සේවා කිරිම සදහාද ගිවිසුම් ගතව තිබුණි.

එහෙත්  රෝගීට  මෙමගින් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණ ද විකිරණ යන්ත්‍රය සේවා කිරිම සදහා පළාත් සෙෘඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මේ දක්වා රෙුපියල් ලක්ෂ 17 ක මුදලක් වියදම් කොට ඇති බවට අනාවරණය වු බවත් විගණන වාර්තාවේ සදහන්ය.

 



අදහස් (3)

කහටගස්දිගිලිය රෝහලේ අරුම පුදුම X-RAY යන්ත්‍රය

Mudalige Saturday, 08 March 2025 07:09 AM

ජනතාවගේ මුදල්වලට මොකද වුණේ. DMO සහ රෝහල් අධිකාරිය කරමින් සිටියේ කුමක්ද? මෙම නොසැලකිලිමත් ක්‍රියාව සම්බන්ධයෙන් DMO ගෙන් ප්‍රශ්න කරන්න.

:       2       21

Bunny Preena Saturday, 08 March 2025 11:25 AM

මේවා එළා වෙන්ට අවුරුදු 5ක් ගත වුණු එක තමයි පුදුමේ...

:       0       0

රුවන් Saturday, 08 March 2025 11:56 AM

GMOA එක මේවා වෙන්නේ නෑ. කෝමා තත්ත්වයේ ඉන්නේ මේවාට. වාහන පර්මිට් දුන්නේ නැත්තන් තමයි ආයේත් පණ එන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site