(එම්. සුසිල් පියන්ත)
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අතර තුර මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ හතරමංහන්දිය පදිංචි තරිදු සිරිවර්ධන ද සොයිසා නමැති විසිහත් හැවිරිදි තරුණයෙකි.
මත්ද්‍ර්‍ය සමග ඊයේ (1)අත් අඩංගුවට ගත් තරුණයා පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ අසනීපවී රෝහලට රැගෙන යද්දී මිය ගිය බව කොස්ගොඩ පොලීසිය කියයි.
මේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බවද පොලීසිය කියයි.
තමාගේ පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කොස්ගොඩ පොලිස් නිලධාරින් සිය පුතුට හොදටම පහරදුන් බව මිය ගිය තරුණයාගේ පියා වන නිමල් සිරිවර්ධන ද සොයිස මහතා කියයි.
අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්
මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය
පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
රනේ Friday, 02 May 2025 03:00 PM
සමහර ප්‍රශ්න බොහෝම කෙටියි; ඉවරයි.
ගුණරත්න Friday, 02 May 2025 05:41 PM
මේ අවුරුද්දේ පොලිසියේදී තරුණ මරණ කීයක් වුණාද? පොලිසියේ අය මංකොල්ලකෑම් කරලා අහුවුණාද? පොලිසියත් පාතාල මැර කල්ලියක් වගේ අන්තයටම පිරිහිලා ඉවරයි, කෝ ආණ්ඩුව කියූ පුනරුදය...!