IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කෘෂි රසායන තොගයක් සමඟ 4ක් මාට්ටු

(සිතුම් චතුරංග)

ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධීවර බෝට්ටු මඟින් මෙරටට ගෙන්වු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු  යාපනය , වේලනෙයි , තුරේයූර් ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත්බව යාපනය, විශේෂ කාර්ය බලකාය පවසයි. 

භාවිතයට නුසුදුසු කෘමිනාශක  ඇතුළු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නීති විරෝධිව මෙරටට ගෙනැවිත් ඇති බවට යුද හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අ‍ැතැයිද සඳහන් කළේය. 

සැකකරුවන් සතුව තිබි අත්අඩංගුවට ගත් කෘමිනාශක ඇතුළු කෘෂි රසායන ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමින් යුතු වනු ඇති බවද විශ්වාස කරන බවත් එවා උතුරු පළාතෙෙ කෘෂි රසායන අලෙවිසල් වෙත බෙදාහැරීමට නියමිතව තිබූ බවට අනාවරණයවූ බවත් විශේෂ කාර්ය බලකාය පැවසීය. 

 

 

 



අදහස් (1)

කෘෂි රසායන තොගයක් සමඟ 4ක් මාට්ටු

Lalla Sunday, 05 January 2025 11:54 AM

කෘෂි රසායන පාලනය ඕනෑ. ඒත් සමහර ප්‍රශ්නවලට උත්තර නෑ. පොල් රතු කුරුමිණි උවදුරට කෙසෙල් කෑ ගුල්ලන්ට වගේ දේට බලධාරියා කියන දේ හරියට වැඩ නෑ. අපි වගාවක් එහෙමයි. මහාපරිමාණ සමාගම් භාවිතා කරන රසායන ද්‍රව්‍ය ගොවීන්ට නෑ. ඉතින් අඹවල පනුවෝ... ගන්න පාරිභෝගිකයා කරදරේ වැටෙනවා. තායිලන්තයේ ගන්න ඕනෑ පලතුරක් හොඳට පෑහිච්චි පණුවෝ නැතිව ගන්න පුළුවන්. ඒ තත්ත්වය ලංකාවට ගෙන ආ යුතුයි. නොපැසුණු පලතුරු වෙළඳාම තහනමට ලක්විය යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site