
(ඩයනා උදයංගනී)
මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, සංගීත ශිල්පී සුනිල් පෙරේරා, රංගන ශිල්ප ශිල්පිනියන් වන ශ්‍රියානි අමරසේන, ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, රන්ජන් රාමනායක, ජයසේකර අපොන්සු, ශලනි තාරකා, නයනතරා වික්‍රමාරච්චි, රොෂානා ඔන්ඩච්චි යන අය ඒ අතර වෙති.
මීට අමතරව, සම්මානනීය ලේඛකයකු වන මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතාටද කොවිඩ් ආසාදනය වී ඇත.
ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය, රංගන ශිල්පී ජයසේකර අපොන්සු සහ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහත්වරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විපතින් ජනතාව බේරගන්න පින්වතෙක් පහළවේවා
මාගේ ප්‍රියාදර සුනිල් පෙරේරා ඇතුළු සියලු දෙනාට ඉක්මන් සුවය පතමි
කවුරුත් වරප්‍රසාද ලත් අය නෙවෙයි. මෙයාලට හැසිරෙන්න ඉඩ දීලා තියන්නේ කිසිම නීතියක් ගණන් නොගෙන. එහෙම එකේ මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙමෙයි
අපි ඔයාලා ඔක්කොටෝම ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
කලාකරුවන් පොසිටිව් වුනේ උද්ඝෝෂණ කරලාද? ගුරුවරුන්ට බනින අයගෙන් අහන්නේ...
කලාකරුවන් නෙවේ, රටේ සෑහෙන පිරිසකට කොවිඩ්, ප්‍රසිද්ධ අය කැපිලා පේනවා, එකයි ඇත්ත.
සුනිල් මාමේ,සනිප උනාට පස්සෙ,කොව්ඩ් වලටත් සිංදුවක් කියමුද?ජයසේකර අපෝන්සු මාම හොදයි රගපාන්න.
කලාකරුවන් ඇතුළු මේ රටේ සියලු කොරෝනා වැළඳී අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...
ඔබ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හොඳින් සුවවී... සුපුරුදු පරිදි කලා කටයුතුවල යෙදී සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සිත් "සුවපත් කරන්නට" ඔබ සැමට දිරිය, ශක්තිය සහ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!!!
ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
හසිත පුතේ, ඔයා සුනිල් මාමගෙ සින්දු අහල, නැති ලෙඩ හදා ගන්නද හදන්නෙ.
කලාකරුවන් කියන්නෙත් මිනිස්සු, ඇයි ඒ ගොල්ලන්ට සෙම රෝග හැදෙන්නේ නැද්ද? කළින් හැදිලත් නැද්ද? කොරෝනා ප්‍රවර්ධනය කරන්න එපා... ඕක මේ රටෙන් ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් හිතන්න.
ගුරු උද්ගෝෂණයට ගිය ඔබලාටත් දෙපාරක් හිතන්න තිබුණා...
කෝවිඩ් ආසාදිත වූ සියලුම දෙනාට ඉක්මන් නිරෝගි සුව පතමි. මේ වසංගතය තුරන් වේවා...!!! අපේ එකම පැතුමත් එයයි.
ඔබ සියලු දෙනාටම ඉක්මන් සුවය අත්වේවා...!!!
රට රකින විරුවා ගීතය කියන ජාතියේ කෙනෙක් නෙවෙයි සුනිල් අයියා . කොන්ද ඇති මිනිහෙක්
ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා!
ඔබ සැමට නිදුක් නිරෝගී බව ඉතා ඉක්මනින්ම ලැබේවා .සියලුම දෙනාට බුදු සරණයි .ජේසු පිහිටයි
කළා කරුවන්ට බොහෝ සහය වෙන මහින්ද මහතාට මේ අවදානම පෙනේවා.
ඔබ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... බුදුසරණයි!!!
රෝගයට එකම විසඳුම මරණ බිය නැති කර ගැනීමයි