
(ගයාන් සූරිය ආරච්චි)
රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ නිවසක වහලය මත රඳවා සිටි පිරිසෙන් 40 දෙනකු මේ වන විට බේරා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.
බේරා ගත් පිරිස ප්‍රතිකාර සඳහා ආරක්ෂක ස්ථාන කරා රැගෙන ගොස් ඇති අතර අනෙක් පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම ප්‍රදේශයේ ඊයේ පැවති අධික ගංවතුර තත්ත්වය සහ අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නාවික හමුදා නිලධාරීන්ට එම ස්ථානයට ළඟා වීමට අපහසු වී තිබූණි.
කෙසේ වෙතත් ඉතා කඩිනමින් අනෙක් පිරිස මුදවා ගැනීමට කටයුතු කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් රාජාංගනය කලා ඔය ප්‍රදේශයේ බස් රථයක මගීන් පිරිසක් සිර වී සිටින බවට ලද තොරතුරු මත ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඔවුන් පිරිස බස් රථයෙන් මුදවා ඒ ආසන්නයේ පිහිටි නිවසක කොන්ක්‍රීට් වහලය මත ආරක්ෂිතව රඳවා තිබුණි.
මෙම මෙහෙයුම නිරීක්ෂණය කිරීම සදහා ජනාධිපතිවරයාද අද අලුයම් කාලයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණියේය.



ඡායාරූප - ප්‍රියන්ත කුමාර




2025 දෙසැම්බර් මස 04
161
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කලාඔයේ සිර වී සිටි 40ක් බේරා ගැනෙති