
(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට , දෙවිපහළල දොඩම්ඇල්ල ඇල හරහා හේන්යාය ගම මාර්ගයේ විසිහය හැවිරිදි අවිවාහක තරුණියක ඊයේ (02) ඝාතනය කර ඇතැයි කුරුවිට පොලිසිය කියයි.
දෙවිපහලල හේන්යායේ පදිංචි ලියනආරච්චිලාගේ ගෙදර ශාලිකා මදුශානි (26) තරුණිය මෙලෙස ඝාතනය කර ඇත.
ඇය කුරුවිට පැරඩයිස් ප්‍රදේශයේ පුද්ගලික මැණික් කැපීමේ ආයතනයක සේවය කළ තැනැත්තියකි. සේවය අවසන්ව නිවසට යද්දී සවස 06.00ට පමණ ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ඇගේ නිවසට කුරුවිට දෙවිපහළ පාරේ සොයිසා කඩේ හන්දියේ සිට කිලෝමිටර් දෙකක පමණ දුරක් ඇති බව ද පොලිසිය පැවසුවේය. ඇය දිනපතා එම දුර පයින් යනඑන බවට තොරතුරු ඇතැයි ද පොලීසිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අපරාධයක්ද ?මිනිසුන් තිරුසනුන්ට අන්ත වෙලා
පරණ කෝන්තරයක් පිරිමහ ගන්න කුරුමානම් අල්ල අල්ල ඉදලා අවස්ථාව ලද විගස ඝාතනය කරලා වගේයි
අර ආරක්ෂාව ගැන ලෙක්චර් දෙන මහත්තයා බංකු ටික හදාගෙන ඇති නේද? ගොඩක් අය බලන් ඉන්නවා ලෙක්චර් ගන්න යන්න
ගුණපාලයා කඩේයන ෆෙරාරි සීයා හිටපුකාලේ, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් 300 කට ආසන්න ගණනක් ඝාතනය කෙරෙනකොට, පාතාලේ අය මරලා ඔළුව අරගෙනයනකොට ලෙක්චර්ස් ගත්තේ AC කාමරවල ඉඳගෙන වෙන්න ඇති?
මේකෙ රතුබලකායේ කුණු හෝදන සෙට් එකක් තමයි දැන් අදහස් දාන්නේ... බොරුව පතුරවන්න දරන උත්සාහය ඒ කාලෙත් ඔය විදියමයි..
ඉතා කලකිරීමට කරුණක්. අපරාධ අනුපාතය හදිසියේම ඉහළ ගොස් ඇති බවත් අහිංසක ජනතාවට බොහෝ විට දුෂ්කරම කාලයට මුහුණ දීමට සිදුවන බවත් මම විශ්වාස කරමි. පෙර සහ වත්මන් රජයන් සහ අදාළ බලධාරීන් පවා එම නිශ්චිත කාරණය ඉවත් කිරීමට හෝ අවම කිරීමට කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.