IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කුරුවිට පාළු පාරකදී තරුණියක් මරා දාලා

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට , දෙවිපහළල දොඩම්ඇල්ල ඇල හරහා හේන්යාය ගම මාර්ගයේ  විසිහය හැවිරිදි අවිවාහක තරුණියක ඊයේ (02)  ඝාතනය කර ඇතැයි කුරුවිට පොලිසිය කියයි.

දෙවිපහලල හේන්යායේ පදිංචි ලියනආරච්චිලාගේ ගෙදර ශාලිකා මදුශානි (26) තරුණිය මෙලෙස ඝාතනය කර ඇත.

 ඇය කුරුවිට පැරඩයිස් ප්‍රදේශයේ පුද්ගලික මැණික් කැපීමේ ආයතනයක සේවය කළ තැනැත්තියකි. සේවය අවසන්ව නිවසට යද්දී සවස 06.00ට පමණ ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ඇගේ නිවසට කුරුවිට දෙවිපහළ පාරේ සොයිසා කඩේ හන්දියේ සිට කිලෝමිටර් දෙකක පමණ දුරක් ඇති බව ද පොලිසිය පැවසුවේය. ඇය දිනපතා එම දුර පයින් යනඑන බවට තොරතුරු ඇතැයි ද පොලීසිය කීවේය.

 



අදහස් (6)

කුරුවිට පාළු පාරකදී තරුණියක් මරා දාලා

maalaka Thursday, 03 July 2025 08:38 AM

මොන අපරාධයක්ද ?මිනිසුන් තිරුසනුන්ට අන්ත වෙලා

:       0       28

Bunny Preena Thursday, 03 July 2025 08:48 AM

පරණ කෝන්තරයක් පිරිමහ ගන්න කුරුමානම් අල්ල අල්ල ඉදලා අවස්ථාව ලද විගස ඝාතනය කරලා වගේයි

:       1       5

ගුණරත්න Thursday, 03 July 2025 10:36 AM

අර ආරක්ෂාව ගැන ලෙක්චර් දෙන මහත්තයා බංකු ටික හදාගෙන ඇති නේද? ගොඩක් අය බලන් ඉන්නවා ලෙක්චර් ගන්න යන්න

:       15       17

කුකුල් චමින්ද Thursday, 03 July 2025 11:21 AM

ගුණපාලයා කඩේයන ෆෙරාරි සීයා හිටපුකාලේ, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් 300 කට ආසන්න ගණනක් ඝාතනය කෙරෙනකොට, පාතාලේ අය මරලා ඔළුව අරගෙනයනකොට ලෙක්චර්ස් ගත්තේ AC කාමරවල ඉඳගෙන වෙන්න ඇති?

:       8       16

පොඩි හාමිනෙ Thursday, 03 July 2025 03:49 PM

මේකෙ රතුබලකායේ කුණු හෝදන සෙට් එකක් තමයි දැන් අදහස් දාන්නේ... බොරුව පතුරවන්න දරන උත්සාහය ඒ කාලෙත් ඔය විදියමයි..

:       0       0

FMG Fernando Friday, 04 July 2025 08:36 AM

ඉතා කලකිරීමට කරුණක්. අපරාධ අනුපාතය හදිසියේම ඉහළ ගොස් ඇති බවත් අහිංසක ජනතාවට බොහෝ විට දුෂ්කරම කාලයට මුහුණ දීමට සිදුවන බවත් මම විශ්වාස කරමි. පෙර සහ වත්මන් රජයන් සහ අදාළ බලධාරීන් පවා එම නිශ්චිත කාරණය ඉවත් කිරීමට හෝ අවම කිරීමට කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site