IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කොබෙයිගනේ ඩී.එම්.ඕ. ත්‍රිරෝදයේ හැපී මිය යයි

(ප්‍රියාණි මංගලිකා සහ නිමල් ප්‍රේමචන්ද්‍ර)

කොබෙයිගනේ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ ,කොබෙයිගනේ රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය සඳහන් කරයි.

මෙලෙස මරණයට පත්ව.ඇත්තේ කුලියාපිටිය ,පහල ඇඹව ,පලුගස්හංදිය ප්‍රදේශයේ පදිංචි 58 වියැති ආර්.එම්.සී. රාමනායක නැමති වෛද්‍ය වරයාය.

කොබෙයිගනේ පොලීසිය ආසන්නයේ දී ,වෛද්‍ය වරයා ඉකුත් 25 රාත්‍රි 7.50 පමණ , පාර මාරු වීමට යාමේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් හිසට බරපතල තුවාල ලබා සිටියදී කොබෙයිගනේ රෝහලට ඇතුලත් කළ වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමෙන් අනතුරට ,එහි දැඩිසත්කාර ඒකකයේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (4)

කොබෙයිගනේ ඩී.එම්.ඕ. ත්‍රිරෝදයේ හැපී මිය යයි

පිටරැටියා Friday, 29 August 2025 04:33 PM

හරිම කණගාටුදායකයි.වෛද්‍යතුමාට නිවන්සුව පතනවා. ලංකාවේ හැමදාම වගේ රියඅනතුරුවලින් මියයන ගණන එන්ඩ එන්ඩම වැඩී. මේවාට විසදුම් දිය යුතුයි.

:       0       32

Perakum Friday, 29 August 2025 09:10 PM

උගත්කම විතරක් තිබිලා මදි. අපේ රටේ පාරේ යන්න විශේෂ දැනුමක් අවශ්‍යයි...

:       0       0

MD Saturday, 30 August 2025 08:13 AM

දෙයියනේ කුලියාපිටියට අපල කාලයක්ද? රාත්‍රි 7.50ට දිස්ත්‍රික් වෛද්‍යවරයා මොනවගේ බෙහෙතක් ගන්න ගියාද?සුවහසක් ජනතාවට සේවය කරලා නොහික්මුණු අවිනීත තිරිසන් රියදුරුන් නිසා මහපාරේ අකාලයේ මියයන රටක් වටින මිනිස්සු නේද මේ? ආණ්ඩුවේ සාපය රටවැසියන් භුක්ති විඳිනවා.

:       0       0

chinthana Saturday, 30 August 2025 08:24 AM

බොහෝ අය පාර මාරු වෙන්නේ... වාහන එද්දී. ඒ වාහන තමන්ට ඉඩදීලා නවත්තයි කියලා හිතාගෙන... සමහර රියදුරන් පදිකයන් මග ඇරලා යන්න උත්සාහ කරද්දී පදිකයා කලබල වෙලා... වාහනය පැත්තටම පනින වෙලාවල් තියෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 447 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16907 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 665 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site