(රවින්ද්‍ර ලියනගේ )
කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී ඇති බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.
මෙම අනතුර අද පෙරවරු 9.30ට පමණ සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියෙහි දෙදෙනෙකු ගමන් කර ඇති බවත් සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරු පැදිය පැද වූ වඩුමුන්නේගෙදර පදිංචි වෙනුර ඉමේෂ් නැමති 20 හැවිරිදි තරුණයෙකි.
යතුරු පැදියේ පසුපස ගමන්ගත් 19 හැවිරිදි තරුණයා බරපතල තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුලත් කර තිබේ.
මීගමුව සිට දංකොටුව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා කන්ටේනර් රථයක පසුපස රෝදයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයේ වම්පස නතර කර තිබියදී ඒ දෙසට ධාවනය වූ යතුරු පැදිය කන්ටේනර් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදුවී ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
අනතුර සම්බන්දයෙන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුලරත්න, සැරයන් (25504) චමින්ද හා කොස්තාපල් (100633) හේරත් යන නිළධාරිහු පරික්ෂණ පවත්වති.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
දෙහිඕව්ට දෙබෑගම ප්‍රදේශයේ දී කළ වැටලීමකදී අයිස් මත් ද්‍රව්‍ය සමග පුද්ගයෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබු ඔහු ව්සින් නිෂ්පාදනය ක
නොවැම්බර් මස 14 දා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (4) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කන්ටේනරයේ යතුරුපැදියක් ගැටී අයෙක් මරුට