
(සුජිත් හේවාජුලිගේ )
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එ්මට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරැ පිරිසක් සූදානම් වෙති
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා පැවසුවේ තමා මෙම යෝජනාව පක්ෂ නායකත්වයට සහ විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂවල නායකයන්ට අද හෙටම ඉදිරිපත් කරන බවයි.
මේ අනුව විපක්ෂයේ සියලු පක්ෂවලද සහය ඇතිව විශ්වාසභංග යෝජනාව සකස් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ සේවය අත්හිටුවීම, පක්ෂග්‍රාහීව කටයුතු කිරීම ඇතුළු චෝදනා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ඔවුහු බලාපොරොත්තු වෙති
කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එ්මට මෙයට පෙර තීරණය කර තිබුණද යම්යම් හේතු මත එය කල් ගියේය.
ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ස්වාධීන ආයතනවලට බලපෑම් කිරීමට පටන් ගැනීමද ඉතා නරක තත්වයක් බව සුජීව සේනසිංහ මහතා පැවසීය
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ කතානායකවරයාට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් තමා ඊට පූර්ණ සහාය දෙන බවයි.
මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කීවේ කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් දැනටමත් සකස් කර අැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර තමයි, වෙන දෙයක් කරන්න වෙන්නෑ තව අවුරුදු දහයකටවත්.
අපේ බංකොළොත්බව ප්‍රදර්ශනය කිරීමට තවත් අවස්ථාවක්...
ලියුම ගැහුවෙ මහලේකම් වරිය, එයාට එරෙහිව ගේන්න. මේකෙනුත් පච වෙනවා.
මේ ආණ්ඩුව යහතින් තියෙන්නේ මේ අන්ධභූත මොංගල් විපක්ෂය නිසයි. බුද්ධිමත් විපක්ෂ නායකයෙක් හා විපක්ෂයක් තිබුණා නම් මේ ආණ්ඩුව හාන හෑවිල්ලට දැනටමත් බඩු පැක්වෙලා ඉවරයි...
අගමැතිනියට එරෙහිව හදපු එක යට වෙයිද මේකෙන්?