IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කෝටි 90ක බෆල් රථ ගෙන්වීමේදී විශාල වංචාවක්?

(යොහාන් භාසුර)

ඇමෙරිකන් ඩොලර් මිලියන 3ක් හෙවත් රුපියල් කෝටි 90 ක් වැය කරමින් 2017 වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකායට බෆල් රථ (ඒපීසී) ගෙන්වීමේදී බරපතල වංචාවක් සිදුව ඇතැයි  සිවිල් බුද්ධි පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා පැවසීය.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ එවක ලේකම්වරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරියෙකුගේ  සම්බන්ධීකරණයෙන් මෙම මිලදීගැනීම කර ඇති බවත් මෙම ගණදෙනුව පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් සංජය මහවත්ත මහතා කීය.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිවිල් බුද්ධි පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා එසේ සඳහන් කළේය.  

පොලිස් විශේෂ කාර්ය බලකායේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා  බෆල් රථ හයක් ගෙන්වීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලියන් කර තිබෙන බවත් මෙම ප්‍රසම්පාදන කමිටුවේ  සභාපති   ලෙස එවක නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා  පත්කර තිබෙන බවත් ඔහු කීය.

මෙම ප්‍රසම්පාදනයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් එහි ප්‍රධානියෙකු සම්බන්ධීකරණය කර ඇති අතර මෙම ටෙන්ඩරය  ඉන්දීය සමාගමකට ප්‍රදානය කර ඇති බවත් එම සමාගමේ ශ්‍රි ලාංකික නියෝජිතයා වශයෙන් එක්තරා පුද්ගලික සමාගමක් අනිවාර්යෙන්ම තෝරාගත යුතු බවට ලංසු කමිටුව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කළ නිලධාරියා ඊමේල් පණිවුඩයක් හරහා යෝජනා කර ඇති බවත් සංජය මහවත්ත පැවසීය.

මෙම ටෙන්ඩරයේ ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස තෝරාගත් සමාගමට කාන්තාවකගේ නමින් ඇති ඊමේල් පණිවුඩයක් යොමුකරමින් තමන් විජේවීර නැමැති පුද්ගලයකුගේ දියණිය බව පවසා ඇයගේ බැංකු විස්තර දී ඇයගේ ගිණුමට මුදල් බැර කරගැනීමක් කර තිබෙන බවත් එම තරුණිය විදෙස් අධ්‍යාපනය ලැබීමේදී ඒ සදහා වියදම් දරා ඇත්තේ ද මෙම සමාගම බවත්  සිවිල් බුද්ධි පෙරමුණ චොද්නා කළේය.

මෙම ටෙන්ඩරය පිරිනමා ඇති ඉන්දීය සමාගම කිසිදු ආකාරයකින්  (ඒපීසි) බෆල් රථ  නිෂ්පාදනය කරන සමාගමක් නොවන බව කී මහවත්ත මහතා එම සමාගමෙන් කිසිදු අවස්ථාවක බෆල් රථ ගෙන්වීමක් ඊට පෙර සිදුකර නැති බව ද සඳහන් කළේය.

ටෙන්ඩර් ක්‍රියාවලියේදී ලංසු කැඳවීම සහ මිලදීගැනීමේ ශ්‍රී ලාංකික නියෝජිතයෙකු පත්කිරීමට බලපෑම් කිරීම  නීති විරෝධී ක්‍රියාවක් බවත් මෙමගින් අනීතික ගනුදෙනුවක් ද සිදුව ඇතැයි තොරතුරු සාක්කි සහිතව පවතින බවත් ඒ මහතා කීය.

මෙම ක්‍රියාවලිය හරහා ගෙන්වාගෙන ඇති බෆල්  රථවල විවිධ දෝෂයන් පවතින අත ඒවා වැඩි වශයෙන් අලුත්වැඩියා කළයුතුව ඇති බවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 3ක් වැයකර ආනයනය කළ මෙම රථ නිසි පරිදි විශේෂ කාර්ය බලකාය භාවිතයට ගෙන නැති බවත් මහවත්ත මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (0)

කෝටි 90ක බෆල් රථ ගෙන්වීමේදී විශාල වංචාවක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 81 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site