(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කුරියර් පාර්සල්වල සූක්ෂම ලෙස සගවා තිබී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා මෙරටට ඒවා ඇති කොකේන්, කුෂ් සහ කැනබිස් තෙල් යන මත්ද්‍රව්‍ය මෙලෙස අත්අඩංගුවට ගත් බවත් , ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය 2024 ජනවාරි 1 සිට 2025 ජුනි දක්වා කාලය තුළ කොළඹ කාගෝ එක්ස්ප්‍රස් වෙත ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මැලේසියාව යන රටවලින් ලැබුණු මත්ද්‍රව්‍ය බවට සැක සහිත අධිවේගී කුරියර් පාර්සල් ගණනාවක් විශ්ලේෂණය කර රදවා තබා ගැනීමෙන් පසුව මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බවත් ඒ මහතා පැවසීය.
එම පාර්සල් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ හිමිකම් කියා පෑමක් නොමැති නිසා තවදුරටත් පරීක්ෂා කළ බව කී ඒ මහතා 2025 ජුනි 25 වන දින, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත රේගු නිලධාරීන්, පාර්සල් විවෘත කර පරීක්ෂා කිරීමේදී එම පාර්සල් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බවද සඳහන් කළේය.
කොකේන් ග්‍රෑම් 1,101 ක්, කුෂ් ග්‍රෑම් 1,666 ක් සහ කංසා තෙල් කුප්පි හතරක් ද ඒ අතර තිබූ බව අරුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෝටි 6ක මත්ද්‍රව්‍ය රේගුව සොයා ගනී