IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ හතරක් මාට්ටු

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල් කෝටි 5 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

ඒ අතර කාන්තාවක්ද වන බව ‍පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ මත්කුඩු කිලෝ 4 ග්‍රෑම් 302 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මාලිගාවත්ත  ප්‍රදීපා මාවතේ සංඝරාජ වටරවුම අසලදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 206 ක් සමග අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකාරිය පදිංචි අංගොඩ අවිස්සාවේල්ල පාරේ සිරි නිවාස පාර නිවස වටලා සිදුකළ පරික්ෂා කිරීමේදී  පාර්සල් හතරක අඩංගු හොරයින් මත්කුඩු ගෑම් 3784 සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී    තවත් පුද්ගලයකු හොරයින් මත්කුඩු ගෑම් 106 ක් සමග කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය පදිංච නිවසේදී  අත්අඩංගුවට එකත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකාරිකයින් අනාවරණ වූ තවත් තොරතුරක් මත කෙසෙල් වත්ත පිර්සයිබු වීදිය පදිංචි පුද්ගලයකුත් කෙසෙල් වත්තේ රාජ්‍ය බැංකුවක් අසලදී හොරයින් මත්කුඩු ගෑම් 206 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.

මෙම ජාවාරමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකුද  හොරයින් මත්කුඩු ප්‍රවාහනය කිරීමේ වරදට සහ ළඟ තබා ගැනීමේ චෝදනාව මත මාළිගාවත්ත සංඝරාජ වටරවමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් සඳහන්කරයි.

 

 

 



අදහස් (0)

කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 456 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16933 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site