
(යොහාන් භාසුර)
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය.
එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදී නවතා පරීක්ෂා කළ බවත් ඇය ගමන් මළු තුළ මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බවත් රේගුව පැවසීය.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් කරන ලද විශේෂ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව කී රේගු දෙපාර්තමේන්තුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය ගුවන් තොටුපළ තුළ මෑත ඉතිහාසයේ කල විශාලතම කුශ් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බවද සඳහන් කළේය.
සැකකාරිය හා මත්ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකාරිය හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතත බවද ඒක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන 460ක් කියන්නේ කෝටි 5ක්ද?