
(සිතුම් චතුරංග)
එල්.ටි.ටි.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් භාවිතා කළ බවට සැකකෙරෙන මුලතිව් , පුදුකුඩිරිප්පු මණ්ඩුවිල් හි භූගත බංකරයක්තුල එම සංවිධානයේ අවි ආයුධ තොගයක් සොයා අද (10) පුදුකුඩිරිප්පු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් කැණීම් ආරම්භකරනු ලැබීය.
භූගත බංකරයතුල එල්.ටි.ටි.ඊ සංවිධානයේ අවි ආයුධ පවතින බවට පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණ බුද්ධි තොරතුරක් මත මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ කැණීම් ආරම්භ කළ බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ අඩි 20 පමණ ගැඹුරින් යුතු මෙම භූගත බංකරය පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හේතුවෙන් එම භූගත බංකරයට ඇතුළුවන ස්ථාන විනාශවී ගොස් ඇති බවයි.
2009 වසරේදී මෙම ස්ථානය එල්.ටි.ටි.ඊ සංවිධානයේ ප්‍රධාන කඳවුරක් ලෙස පැවතියදී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබූ අතර එම කඳවුරේ විශාලත්වය අක්කර දෙකකට අධික බවත් සඳහන් කළේය.
පුද්ගලික ඉඩම් අත්පත්කරගෙන ඉදිකොට තිබූ මෙම කඳවුර බිම්බෝම්බ ඉවත්කිරීමෙන් පසු නැවත මුල් හිමිකරුවන් ලබාදී තිබූ අතර භූගත බංකරයට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් ආරක්ෂක අංශ එය පස් යොදා වසාදමා තිබුණි.
එම භූගත බංකරය තුල එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සිවිල් වැසියන්ගෙන් පැහැරගත් රත්තරන් සඟවා ඇති බවට වූ සැකයන් මත විවිධ පිරිස් භූගත බංකරය හෑරිමට උත්සහ කොට ඇති බවත් පොලිසිය පැවසීය.


.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටි අවි ආයුධ සොයා පුදුකුඩිරිප්පුවේ කැණිමක්