IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කටාර් එමීර් දෙදින සංචාරයකට ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය. 

ගුවන්තොටුපොළේදී එමීර්වරයා වැලඳගනිමින් ඔහු උණුසුම් අයුරින් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. 

මෙය එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානීගේ දෙවැනි ඉන්දීය නිල සංචාරය වන අතර, එමීර්වරයා ඉන්දියාවට පැමිණියේ අග්‍රාමාත්‍ය මෝදිගේ ඇරැයුමකට අනුවය.

කටාර් එමීර්වරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේත්, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු අතරේත් හමුවක් අද (18) පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර මිත්‍රත්වය, විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ ගැඹුරින් මුල් බැසගත් ඓතිහාසික බැඳීම් පවතී.

පසුගිය වසරවලදී දෙරට අතරේ, වෙළඳ, ආයෝජන, බලශක්ති, තාක්ෂණ සහ සංස්කෘතිකමය වශයෙන් ශක්තිමත් බැඳීම් පවතී. ඒවා තවත් ශක්තිමත් කිරීම කටාර් එමීර්වරයාගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

කටාර් එමීර් දෙදින සංචාරයකට ඉන්දියාවට

fairoos Tuesday, 18 February 2025 02:10 PM

ලංකාවත් ආරාධනා කරන්න ඕනම කෙනෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13297 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site