
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය )
කළුතර බන්ධනාගාරයේ සිට මහා පරිමාණයෙන් මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම ගම්මන්පිලදී රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.
එම සැකකරුවන් සමග හොරයින් මත්ද්‍රවය ගෑම් 301 මිලිගෑම් 580 ක් අයිස් මත්ද්‍රවය ගෑම් 276 ක් මිලිගෑම් 230 ක් ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක්ද, විද්‍යුත් තරාදියක් ,ස්මාට් ජංගම දුරකථනයක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදලින් රුපියල් 131000/= ක් පොලිස් භාරයට ගෙන ඇත
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරියේ උද කුමාර මහතාට ජනාධිපති වරයාගේ 'රටම එකට" ජාතික මෙහෙයුමට සමගාමීව ලද තොරතුරකට අනුව බණ්ඩාරගම ගම්මන්පිල පුවක් අරඹ ප්‍රදේශයේ නිවසක් වටලා එහි කුලී පදනම මත පදිංචිව සිටි කාන්තාවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඇය අතරෙදි අත් බෑගය තුළ රෝස පැහැතිබණයක් සහිත රෝස පැහැති කාඩ්බෝඩ් තෑගි පෙට්ටියක් තුළින් බහ තිබු අයිස් මත්ද්‍රවය ගෑම් 250 මිලිගෑම් 490 ක් හා හොරයින් මත්ද්‍රවය ගෑම් 301 මිලිගෑම් 580 ක් සොයා ගැනීමට හැකි වී ඇත.
එම සැකකාරිගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකාරියෙහි කළුතර කිතුලාවල , ලා ගෝස්වත්ත පදිංචිකාරියක් බවත් සැමියා හොරයින් මත්ද්‍රවය ගෑම් 100 ක් සන්තකයේ තබා ගැනීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවත් අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් මාට්ටු