IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කජ්ජා ඝාතකයා සියල්ල වමාරයි

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)

දරුවන් සිටින නිසා වෙඩි තැබීමට බෑ කීවත් යතුරුපැදිකරුගේ බල කිරීම මත මිද්දේණියේ කජ්ජා සහ දරුවන් දෙදෙනාට වෙඩි තිබූ බව මිද්දෙණියේ පියකු සහ දරුවන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ප්‍රශ්න කිරීම් හමුවේ මිද්දෙණිය පොලිසියට පවසා ඇත.

අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැත්තා සහ ඔහුගේ 9 හැවිරිදි පමති අහස්යා සහ 6 හැවිරිදි උදේෂ් මාදෙව් නැමැති දරුවන් දෙදෙනාද වෙඩි පහරින් මියගියහ.

එම ඝාතනය දැනට ඩුබායි හි සැගවී සිටින බැකෝ සමන් නැමැත්තකු සහ ඩුබායි ලිහිරු නැමැත්තන් විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සහ දරුවන් දෙදෙනා  ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් දෙබොක්කාව, කොරගොඩ ප්‍රදේශයේ ගල්වළක යතුරුපැදිය සගවා ඒ අසල වූ කැලෑවකට ගොස් සැකකරුවන් ඇඳ සිටි ඇදුම්, හෙල්මට්, සපත්තු ඇතුළු සාක්ෂි ගිනි තබා විනාශ කර තිබියදී මිද්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (7) එම ස්ථානයේ තිබී සොයාගනු ලැබීය.

කජ්ජා නැමැත්තා පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් දැනට ඩුබායි හි සිටින බැකෝ සමන් නැමැත්තාට අයත් ගංජා පාර්සලයක්  පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ඝාතනය සැලසුම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



අදහස් (6)

කජ්ජා ඝාතකයා සියල්ල වමාරයි

dds Friday, 07 March 2025 06:10 PM

මේ නවකතාව අනුව බැකෝ සමන් කියන පුද්ගලයව මෙහෙය වූ අයව කවදාවත් හොයාගන්න බැරි වෙයි වගේ. මේක තවත් එක පාතාල මිනීමැරුමක් විදිහට උසාවිය ඉදිරියටත් යයි. අපිට ඉත්තෝ ටික දඬුවම් විඳින්නවත් දකින්න පුළුවන් වෙයි.

:       11       42

RasikaFriday, 07 March 2025 06:53 PM

ඔයා බලාපොරොත්තු වුනේ මොන වගේ පිටපතක්ද?

:       7       21

ddsFriday, 07 March 2025 09:38 PM

බලාපොරොත්තුවුනේ ටිකක් හරි සත්‍ය වාර්තාවක්. පාතාල රාජ්‍යයක හැසිරීම ගැන පොඩි අවබෝධයක් ගත්තොත් ඔය නිල වාර්තාවල් බොහෝමයක් නවකතා, කෙටිකතා, නිසඳැස්, සඳැස් කියල පේන්න ගන්නවා. උදා: පොලීසිය ආයුධ පෙන්නීමේ සංදර්ශන, නාඳුනන තුවක්කරු ටී පනස් හයේ ෂෝල්ඩර් ස්ට්‍රැප් එකත් බැරිවෙලා අරගෙන ඒම.

:       7       12

Neel Friday, 07 March 2025 10:01 PM

නොදන්නා දේවලට මට නම් මොනවත් කියන්න බයයි...

:       1       7

ddsSaturday, 08 March 2025 12:16 AM

ඒක තේරුම්ගන්න පුළුවන්. අපි හැමෝම ජීවත්වෙන්න ආසයි. අනවශ්‍ය කරදරවලට අකැමැතියි.

:       0       0

Third Eye Saturday, 08 March 2025 09:21 AM

පොඩි එකාව නම් ඇල්ලුවා. ඒත් මහ ඒකා ඩුබායි ලු. ඒ ක්‍රමේත් නරකම නෑ. කැලේ මාරු උනාට කොටියා මාරු වෙලා නෑනේ..

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site