(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)
දරුවන් සිටින නිසා වෙඩි තැබීමට බෑ කීවත් යතුරුපැදිකරුගේ බල කිරීම මත මිද්දේණියේ කජ්ජා සහ දරුවන් දෙදෙනාට වෙඩි තිබූ බව මිද්දෙණියේ පියකු සහ දරුවන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ප්‍රශ්න කිරීම් හමුවේ මිද්දෙණිය පොලිසියට පවසා ඇත.
අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැත්තා සහ ඔහුගේ 9 හැවිරිදි පමති අහස්යා සහ 6 හැවිරිදි උදේෂ් මාදෙව් නැමැති දරුවන් දෙදෙනාද වෙඩි පහරින් මියගියහ.
එම ඝාතනය දැනට ඩුබායි හි සැගවී සිටින බැකෝ සමන් නැමැත්තකු සහ ඩුබායි ලිහිරු නැමැත්තන් විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සහ දරුවන් දෙදෙනා ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් දෙබොක්කාව, කොරගොඩ ප්‍රදේශයේ ගල්වළක යතුරුපැදිය සගවා ඒ අසල වූ කැලෑවකට ගොස් සැකකරුවන් ඇඳ සිටි ඇදුම්, හෙල්මට්, සපත්තු ඇතුළු සාක්ෂි ගිනි තබා විනාශ කර තිබියදී මිද්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (7) එම ස්ථානයේ තිබී සොයාගනු ලැබීය.
කජ්ජා නැමැත්තා පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් දැනට ඩුබායි හි සිටින බැකෝ සමන් නැමැත්තාට අයත් ගංජා පාර්සලයක් පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ඝාතනය සැලසුම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නවකතාව අනුව බැකෝ සමන් කියන පුද්ගලයව මෙහෙය වූ අයව කවදාවත් හොයාගන්න බැරි වෙයි වගේ. මේක තවත් එක පාතාල මිනීමැරුමක් විදිහට උසාවිය ඉදිරියටත් යයි. අපිට ඉත්තෝ ටික දඬුවම් විඳින්නවත් දකින්න පුළුවන් වෙයි.
නොදන්නා දේවලට මට නම් මොනවත් කියන්න බයයි...
පොඩි එකාව නම් ඇල්ලුවා. ඒත් මහ ඒකා ඩුබායි ලු. ඒ ක්‍රමේත් නරකම නෑ. කැලේ මාරු උනාට කොටියා මාරු වෙලා නෑනේ..