IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඖෂධ ලියාපදිංචියට දුන් ලිපිගොනු 2100ක් ගොඩ ගැහිලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල  මහික වීරරත්න)

ඖෂධ ලියාපදිංචියට ජාතික ඖෂධ නියාමන  අධිකාරියට භාරදී තිබූ ලිපිගොනු   2100 ක්  එහි  ගොඩ ගැසී තිබී  සොයාගත් බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (7)  පැවසීය.

රජය බලයට පත්වීමෙන් පසු එම ලිපිගොනු නවසීයක් දක්වා අඩු කරගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රීනි  නීතිඥ  ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරන බව පැවසූ අමාත්‍යවරයා ඖෂධ ලියාපදිංචි කිරීම වේගවත් කරන බවද සඳහන් කළේය.

නිසි පරික්ෂාව ඇතුව ඖෂධ ලියාපදිංචිය වේගවත් කරන බවද අමාත්‍යවරයා කීය.

ලියාපදිංචි නොකරන ලද සමාගම් කළ වංචා ගණනාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත්

ඒ ගැන පරීක්ෂණ කරගෙන යන බවත්  ඔහු සඳහන් කළේය.

ඊට පසු ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරි වසර දෙක තුන ඇතුළත ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරික්ෂා කිරීමේ විද්‍යාගාරයක් ඉදිකිරීමට ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව පැවසූ නලින්ද ජයතිස්ස මහතා මේ සඳහා රජයේ මුදල් යොදවීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඖෂධ ලියාපදිංචියට දුන් ලිපිගොනු 2100ක් ගොඩ ගැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site