IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඕ අයි සීලා තිහක් හිතුමතේ මාරු කරලා



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙනෙකු කිසිදු හේතුවක් නැතුව මාරු කර යවා  ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කිසිදු වැඩපිළිවෙලක් නැතුව මාරු කර ඇතැයි ඔහු කීවේය.

පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමේ තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවට බව කී මන්ත්‍රීවරයා මොකක්ද මේ අද කරන්නේ යයිද විමසා සිටියේය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා

මේ ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාවට   යොමු කරමු.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

පොලිසියේ මාරුවීම් එක් අතකට අද පැවරිලා. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් කරගන්න බැහැ. පඹේක් කරගන්න බැහැ. පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාට පැවරීම ගැන විපක්ෂයේ පොදු විරෝධතාවය පළ කරනවා.



අදහස් (6)

ඕ අයි සීලා තිහක් හිතුමතේ මාරු කරලා

අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 10:41 AM

මෙයා හැමදාම උදේට මොනවා හරි කියලා ඤං පචං ගානවා, මිනිහා හිතාගෙන ඉන්නවා ඇත්තේ මිනිහට ඕන විදිහට රට පාලනය කරන්න අපි ආණ්ඩුවක් පත්කර ගත්තා කියලා වෙන්න ඇති...

:       9       11

වත්සි Wednesday, 08 October 2025 11:12 AM

පරණ වයින්ම තමයි. බෝතලේ විතරයි අලුත්. විරුද්ධවාදීන් දඩයමට පහසු වෙන්න තමන්ගේ හෙංචයියෝ දාගන්නවා. බීලා වාහන හප්ප ගත්ත මහත්තයා පොලිස් අමාත්‍යංශයේ ලේකම්. එකම සුදුසුකම තමුන්ගේ දේශපාලන වේදිකාවේ සිටීම. රහස් පොලිසියත් දුන්නේ දේශපාලන හිතවත්කමට... පරණ සෙල්ලම අලුත් වටයකින්... නමුත් පරණ අයට අඩු තරමේ මේ අයට වඩා ලැජ්ජාවක් බයක් තිබුණා. මුන්දැලාට ඒවත් නෑ...

:       22       13

ගුණරත්න Wednesday, 08 October 2025 11:27 AM

නියෝජ්‍ය පොලිස්පතිලා එහෙමත් මාරු කළා, මත්ද්‍රව්‍ය වැටලීම් කරද්දී එහෙම මාරුවීමක් කලේ ආණ්ඩුවට සම්බන්ධ අයෙක් ඇල්ලුවාට පස්සේ...

:       11       11

sanath Wednesday, 08 October 2025 11:59 AM

පාස්පෝර්ට් , හැදුනුම්පත් කන්තෝරු වල පෝලිම් එකම ගොඩනැගිල්ලේ තිබෙන කන්තෝරු දෙක ලින්ක් කරලා නැහැ එක නිසා පාතාල කාරයන්ට හොර පාස්පෝර්ට් හදන්න පුළුවන් , නිලධාරීන්ට පගාව ගන්න පුළුවන් ,පාස්පෝර්ට් ගන්න එන මිනිස්සු රස්තියාදු වෙනවා පොලිසිය අවුල් වැනි දේවල් කියමින් විපක්ෂේ නිතරම චෝදනා කරන්නේ ආනන්ද විජේපාල මහත්මයට ඔහු වැඩ කරන්නේ නැහැ කියල , දැන් පොලිස් කාරයෝ ටිකක් මාරු කරහම එකටත් බනිනවා , වැරදිලාවත් ආනන්ද මහත්තයා පාස්පෝර්ට් / ජාතික හැදුනුම්පත් කන්තෝරු දෙක ලින්ක් කරලා , ඔය කන්තෝරු දෙකේ අල්ලස් ප්‍රශ්නේ විසදුවොත් නිලදාරී වැඩ වර්ජන කරන්න පටන් ගතහොත් එකටත් අනිවාර්යයෙන් විපක්ෂේ විජේපාල මහත්මයට බනිවි , මේ පොලිස් නිලධාරීන් ,අල්ලස් දුෂණ කරන රජයේ නිලධාරීන් පත්කරගෙන තිබෙන්නේ රාජපක්ෂලාගේ කලේ මිසක් , මාලිමා ආණ්ඩුව යටතේ නොවන බව කරුණාවෙන් සලකන්න ,

:       4       8

Perera Wednesday, 08 October 2025 12:23 PM

රිලාසිරි ආයෙත් පාරක් වලිගේ පාගාගෙන මොර දෙනවා වගේ...

:       8       7

මාලිමා පෙන්දා Wednesday, 08 October 2025 12:28 PM

ඒක දේශපාලනීකරණය නොවෙයි. මාලිමාකරණය...

:       6       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 109 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site