
(සුජිත් හේවාජුලිගේ)
නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 842 කට අසන්න භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 14022ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද 2023 දෙසැම්බර් මාසය වනවිට එම මුදලින් රුපියල් කෝටි 770 කට අධික මුදලක් වැය කර ඉදිකර තිබුණේ නිවාස ඒකක 7744ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
නිවාස ඒකක 75 ක ඉදිකිරීම් අත්හිටුවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණැයි පැවැසෙන්නේ “ ඔබට ගෙයක් රටට හෙටක්" තේමාව යටතේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එන විගණන වාර්තා පෙන්වා දුන්නා සියලු ගණුදෙනු පාහේ දූෂිත යි කියල.. හැබැයි ඒවට ගනිපු ක්‍රියාමාර්ග ගැන මොකවත් නැහැ .. මේ වාර්තා නිකම්ම වාර්තා විතරක් වෙයි ද..
පහුගිය කාලේ ඕනෑම ව්‍යාපෘතියක් පටන් ගැනීම යනු ගසාකෑමක ආරම්භයක්. ඉදිරියටත් එසේම වේවිද ?
නිවාස 7744 ඉදිකරීමට නිවසක් වෙනුවෙන් රැපියල් ලක්ෂ 10 කට අඩු මුදළක් වැය වී අැත... කෝටි ගණන ගැහුවේ....???
නිවාස ඒකකකට යන වියදම ඇස්තමේන්තුව ඉක්මවා ගිය පමණින් එතන ගැහිල්ලක් ගියා කියන්න පුළුවන්ද? සාමාන්‍ය බිත්ති හතරක් උස්සලා වහලයක් දාන්නත් ලක්ෂ 5ට වඩා යනවා. බාස් කුලිය අහස උසට.
COVID සමගම ඉදිකිරීම් නවතා තිබුණ බවත්, ඊට පසු ආර්ථික අහේනිය මත ඒවා නැවතී තිබුණු බවත් උන්නැහේ ලට මතක නැතිව ඇති නේද?
පුවත් විතරක් නෙමෙයි. වැරදි වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියා මාර්ග නැද්ද? මේ වගේ දේවල් චන්දයෙන් පෙර වේදිකාවල ගොඩක් ඇහුවා. දැන් චන්දය ඉවරයි, බලය තියෙනවා. මොනවාද ක්‍රියා මාර්ග? අඩු ගානේ නඩුවක්වත් ෆයිල් කලාද අදාල අයට?