IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


එන්.එම්.ආර්. දත්ත - පාස්පෝට් වංචා ගැන විමර්ශන ප්‍රමාදයි

(යොහාන් භාසුර)

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර වංචාව පිළිබඳව විමර්ශන කළ යුතු ආයතනය පරීක්‍ෂණ ප්‍රමාද කිරීම සැකසහිත බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

එම සිද්ධීන් සම්බන්ධයෙන් කළ පැමිණිවල ප්‍රගතිය විමසා බැලීම සඳහා වෘත්තිය හා සිවිල් සංවිධාන නියෝජිතයන් අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී වෛද්‍ය චමල් සංජීව මහතා එසේ පැවසීය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී වී ඇතැයි කියන ප්‍රසංපාදන අක්‍රමිකතා සම්බන්ධයෙන් මීට පෙර පැමිණි කළ ද වර්තමාන ආණ්ඩුව යටතේ ද විමර්ශන ක්‍රියාත්මක නොවන බව ඒ මහතා කීය.

එකම අන්තර්ජාල සේවා සපයන සමාගමක් කළ වංචා ක්‍රියා දෙකක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළ ද නව රජය යටතේ ද කිසිදු විමර්ශනයක් නොවීම කණගාටුවට කරුණක් බව ද කී වෛද්‍ය චමල් සංජීව මහතා තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට පටහැනි අන්දමට සහ රටේ පැවති උද්ධමන අනුපාතයන් නොසළකා ඉහළ මිල ගණන්වලට පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා අදාල ටෙන්ඩරය දී ඇති බව ද සඳහන් කළේය.  

2003 වසරේ සිට මේ දක්වා වසර 22කට ආසන්න කාලයක් මෙම අක්‍රමිකතාව අඛණ්ඩව සිදුවී ඇති බවත් අදාළ පාලන කාලවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරව සිටි සියලුම අමාත්‍යවරු සහ කොමසාරිස් ජෙනරාල්වරු මෙම චෝදනාව සම්බන්ධයෙන් වගකිවයුතු බවත් ඔහු සඳහන් කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළත් එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවත් අදාල අධිකරණමය කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යළි යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු යුතු බවත් වෛද්‍ය චමල් සංජීව මහතා වැඩි දුරටත් පැවසීය.  



අදහස් (0)

එන්.එම්.ආර්. දත්ත - පාස්පෝට් වංචා ගැන විමර්ශන ප්‍රමාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site