IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


එජාප සංවත්සරයට ඔක්කොම පක්ෂ වලට ආරාධනා

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කළ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙවර එජාපයේ සංවත්සරය ජාතික ව්‍යාපාරයක් වශයෙන් සැමරීමට පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන්නේ යැයි ද එජාප සභාපතිවරයා කීය.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී 

ලබන 20 වැනි සෙනසුරාදා පෙරවරු 9ට පැවැත්වීමට තීරණය කළ බව ද අබේවර්ධන මහතා පැවසීය.වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති විශේෂ කොට්ඨාශ රැස්වීම් කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

 



අදහස් (10)

එජාප සංවත්සරයට ඔක්කොම පක්ෂ වලට ආරාධනා

අබා Sunday, 14 September 2025 12:41 PM

ඕවා පක්ෂද.. හිට්ලර්ගේ, ඉඩි අමීන්ගේ පොල්පෝට්ගේ වර්තමාන ආගමනය වගේ ඉතිං අපිට පයිත්තියංද ඕවට යන්න...

:       1       8

Eashwara's wifeSunday, 14 September 2025 06:11 PM

කවුරු ආවත් නාවත් මම නම් යනවා...

:       0       1

මංබයියා Sunday, 14 September 2025 12:52 PM

අවංක, රටට ආදරේ, වංචාවට විරුද්ධ මිනිස්සු ටික එක මිටට. සුබ පැතුම්!

:       7       1

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 14 September 2025 12:54 PM

හොරු ඔක්කොම එක රෑනේ... අපේ කතිරයේ වටිනාකම කියා නිම කරන්න බැරි තරම්...

:       1       14

කෞෂි Sunday, 14 September 2025 12:55 PM

එතකොටවත් 500ක්...?

:       1       6

ප්‍රියා Sunday, 14 September 2025 02:37 PM

අවුරුදු 35 ක නායක ප්‍රගතිය, unp එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවත් නොමැති එකා නේපාලයට උපදෙස් දෙන්න යනවා... ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...

:       1       16

ගමේ එකාලා Sunday, 14 September 2025 08:05 PM

හිටපු නයි මුගටි, යන එන මන් නැති දූෂිත දේශපාලුවෝ, එහෙට මෙහෙට පැන පැන හිටපු රිලව් ටිකත් එකතු වෙයි...

:       0       0

chathuri Sunday, 14 September 2025 11:55 PM

දැන් මේ ආරාදනා කරලා සේරම එකතුවෙන්නෙ. මාලිමාවෙ. ගමන නතර කරන්නද. හොරු අල්ලන එකා ගොබ්බ රැල හිරෙයන ර්ක වැරදී. නාකී මහල්ලො. බලය නැත්නම් අකුලන් ගෙදර යන වැරදි. මැරෙනකම්. සැප දෙන්න ඕන කියලද. මන්ත්‍රි විශ්‍රාම වැටුප නතරන කරපු එකත් වැරදී. උබලා කරපු ස්සෙරම හොර වැඩ අල්ලන එක වැරදි දෙයක් කියලා නේද. උබලට ඕනතරම් එකතුවෙන්න පුලුවන් නමුත් රට කරන්න ලැබෙන්නෙ නැහැ.

:       0       0

ගල්පර Monday, 15 September 2025 07:54 AM

පසුගිය වසර 20 තුළ අපේ රට පාලනය කරන්නේ මේ තක්කඩියන් විසින් වන අතර ඔවුන් කිඹුල් කඳුළු හෙළමින් සිටිති. ඔවුන් සියල්ලෝම රට කොල්ල කෑහ. ප්‍රසිද්ධියේ ඔවුන් එකිනෙකාට චෝදනා කරති.ඔවුන් රට කොල්ලකන විට ඔවුන් එකට සිටිති. මෙම ඉහළ පෙළේ තක්කඩියන් තුරන් කිරීමට AKD රජය උපරිම උත්සාහයක් දරයි.සමස්ත ජනතාව අත්වැල් බැඳගෙන AKD රජයට සහාය දිය යුතුය.නීතියේ ආධිපත්‍යය ඉහළටම අද රටේ තියෙනව.අපිට ඒ ඇති.

:       0       0

Perera Monday, 15 September 2025 12:07 PM

එජාපයේ සැමරුමකට වඩා අනුස්මරණය වගේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1919 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site