IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


එජාපයේ ’’භූතයන්’’ දෙන්නෙක් ගෙන් රවීට කරදර

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

තමාට වැදගත් වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ ගමනක් යාම බව කී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයට අරක් ගෙන සිටින භූතයන් දෙන්නා මොන විදියකින් හෝ තුරන් කළ යුතුව තිබෙන බව පැවසීය.

එම භූතයන් දෙන්නා පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා ඇමක් විදියට පාවිච්චි කරන බව කී කරුණානායක මහතා එජාපය යනු එක දවසින් වට්ටන්න පුළුවන් පක්ෂයක් නොවන බවද පැවසීය.

එජාපය එසේ මෙසේ පක්ෂයක් නොවේ යැයිද කරුණානායක මහතා කීය.

ඔක්කොම එකතු වී වැඩ කරන ආකාරය ගැන දැන් සෙවිය යුතුව තිබෙන නමුත් එජාපයේ සිටින භූතයන් දෙදෙනා තමාට කිසිම රැස්වීමකට එන්න කියා නැතැයිද කරුණානායක මහතා කීය.

ආර්ථිකය අස්ථාවර වූ වෙලාවේ රට ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහ බව කුහක නොවී පිළිගත යුතුව තිබෙන බව කී කරුණානායක මහතා රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට ඉන්නේ තමා බවද කීය.

මෙම ඡන්දයෙන් පසුව භූතයන් දෙදෙනා ඉවත් කොට සියලු පක්ෂ සමග එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන්නේ යැයිද කරුණානායක මහතා පැවසීය.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රවී කරුණානායක මහතා මේ බව කීය.



අදහස් (11)

එජාපයේ ’’භූතයන්’’ දෙන්නෙක් ගෙන් රවීට කරදර

Perera Friday, 25 April 2025 04:32 PM

එජාපයේ විනාශයට දායක වුණා...

:       0       2

Nilame Sunday, 27 April 2025 05:47 AM

සහතිකම ඇත්ත .තමන්ගෙ ජ්‍යේෂ්ඨයින් විශේසයෙන් නායකයා ඇමතීමේදි වත් ගරුත්වයක් දෙන්න බැරිඑකා සාමාන්‍ය ජනතාවට කොහොම කරයිද .රවියගෙ තියෙන උද්දච්ඡකම නිසා ජනතාව උන්දැට කැමතිම නැහැ

:       0       0

de silva Friday, 25 April 2025 04:43 PM

එජාපෙ කොහොමත් වට්ටන්න බැහැ.. ඒකට හේතුව ඔය පක්ෂය දැනටමත් වැටිලා පස්ස බිම ඇනිලා තිබෙන නිසා...!

:       0       1

පාමංකඩ පිසාචයා Friday, 25 April 2025 04:45 PM

භූතයෝ හොඳයි පිසාචයෙකුට වඩා...

:       0       1

Nandalal de Silva - France Friday, 25 April 2025 04:52 PM

දකුණේ දක්ෂ කට්ටඩියන් කිහිප දෙනෙක් ගෙන්නලා, හොඳ තොවිලයක් නටවා, පුළුටු එක්ක විශාල පිදෙනි තට්ටුවක් පුදලා, අහස උසට දුම්මල වරමක් ගැහුවම ඔය භූත ඩබල විතරක් නෙවි, තව හැංගිලා ඉන්න භූතයෝත් මකබෑවිලා යාවි... හැබැයි ඉතින් ඉක්මන් නොකරොත්, ඔය භූතයින් රවී බිලි ගන්නවා නියතයි !!!

:       3       13

disanayaka Friday, 25 April 2025 05:19 PM

එක්සත් ජාතික ජාතික පක්ෂයේ බුතයන් "මොන විදියකින් හෝ තුරන් කලයුතු බව" ප්‍රකශය තර්ජනාත්මක ප්‍රකාශයකි. බූතයින් කවුරුන් වුවද මෙම ප්‍රකාශය කරන්නා වූ අය සම්බන්ධවද රටේ ජනමතය විමසීමට Online survey කිරීමෙන් පාක්ෂිකයින්ගේ ජනමතය දැනගැනීමට හැකියි..!

:       1       16

prasanna Friday, 25 April 2025 06:41 PM

මෙයා දැන් කරන්නේ අනුරට එක දාගෙන බැඳුම්කර විමර්ශණවලින් නිදහස් වෙන්න. ජනතාව ගොන්නු කියලා හිතන්න එපා. මෙයා දැන් UNP එක පාවා දීලා තියෙන්නේ. නැතිනම් මෙයත් කූඩුවේ.

:       0       1

Nandana Friday, 25 April 2025 07:01 PM

UNP බහිරවයා ඔයානේ...

:       0       1

පිස්සු යකෙක් Friday, 25 April 2025 09:44 PM

අඩේ මේ දකුණේ කොටා එක භූතයෙක්... එතකොට අනිකා.. ඒකාත් දකුණේම නේ.. යායේ භූතයා...

:       1       0

Lalla Saturday, 26 April 2025 07:50 AM

එජාපය වට්ටන්න දෙයක් නෑ. වැටිලා ඉවරයි.. වට්ටන්න දායක වූ කට්ටිය තමා දැන් ඉන්න නායකයෝ සියලූ දෙනාම... පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර පක්‍ෂ සම්මේලනය මගින් නායකත්වයට තනතුරුවලට පත් කර ගන්නා තෙක් පක්‍ෂය පවත්වාගෙන යාම බෑ. කොමියුනිස්ට් සමසමාජ පක්ෂ වලට වූ දේම තමයි..

:       0       1

prasanna Saturday, 26 April 2025 04:35 PM

එතකොට.. ඔබතුමාගේ බැඳුම්කර චෝදනාව?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site