
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
තමාට වැදගත් වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ ගමනක් යාම බව කී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයට අරක් ගෙන සිටින භූතයන් දෙන්නා මොන විදියකින් හෝ තුරන් කළ යුතුව තිබෙන බව පැවසීය.
එම භූතයන් දෙන්නා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇමක් විදියට පාවිච්චි කරන බව කී කරුණානායක මහතා එජාපය යනු එක දවසින් වට්ටන්න පුළුවන් පක්ෂයක් නොවන බවද පැවසීය.
එජාපය එසේ මෙසේ පක්ෂයක් නොවේ යැයිද කරුණානායක මහතා කීය.
ඔක්කොම එකතු වී වැඩ කරන ආකාරය ගැන දැන් සෙවිය යුතුව තිබෙන නමුත් එජාපයේ සිටින භූතයන් දෙදෙනා තමාට කිසිම රැස්වීමකට එන්න කියා නැතැයිද කරුණානායක මහතා කීය.
ආර්ථිකය අස්ථාවර වූ වෙලාවේ රට ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහ බව කුහක නොවී පිළිගත යුතුව තිබෙන බව කී කරුණානායක මහතා රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට ඉන්නේ තමා බවද කීය.
මෙම ඡන්දයෙන් පසුව භූතයන් දෙදෙනා ඉවත් කොට සියලු පක්ෂ සමග එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන්නේ යැයිද කරුණානායක මහතා පැවසීය.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රවී කරුණානායක මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයේ විනාශයට දායක වුණා...
එජාපෙ කොහොමත් වට්ටන්න බැහැ.. ඒකට හේතුව ඔය පක්ෂය දැනටමත් වැටිලා පස්ස බිම ඇනිලා තිබෙන නිසා...!
භූතයෝ හොඳයි පිසාචයෙකුට වඩා...
දකුණේ දක්ෂ කට්ටඩියන් කිහිප දෙනෙක් ගෙන්නලා, හොඳ තොවිලයක් නටවා, පුළුටු එක්ක විශාල පිදෙනි තට්ටුවක් පුදලා, අහස උසට දුම්මල වරමක් ගැහුවම ඔය භූත ඩබල විතරක් නෙවි, තව හැංගිලා ඉන්න භූතයෝත් මකබෑවිලා යාවි... හැබැයි ඉතින් ඉක්මන් නොකරොත්, ඔය භූතයින් රවී බිලි ගන්නවා නියතයි !!!
එක්සත් ජාතික ජාතික පක්ෂයේ බුතයන් "මොන විදියකින් හෝ තුරන් කලයුතු බව" ප්‍රකශය තර්ජනාත්මක ප්‍රකාශයකි. බූතයින් කවුරුන් වුවද මෙම ප්‍රකාශය කරන්නා වූ අය සම්බන්ධවද රටේ ජනමතය විමසීමට Online survey කිරීමෙන් පාක්ෂිකයින්ගේ ජනමතය දැනගැනීමට හැකියි..!
මෙයා දැන් කරන්නේ අනුරට එක දාගෙන බැඳුම්කර විමර්ශණවලින් නිදහස් වෙන්න. ජනතාව ගොන්නු කියලා හිතන්න එපා. මෙයා දැන් UNP එක පාවා දීලා තියෙන්නේ. නැතිනම් මෙයත් කූඩුවේ.
UNP බහිරවයා ඔයානේ...
අඩේ මේ දකුණේ කොටා එක භූතයෙක්... එතකොට අනිකා.. ඒකාත් දකුණේම නේ.. යායේ භූතයා...
එජාපය වට්ටන්න දෙයක් නෑ. වැටිලා ඉවරයි.. වට්ටන්න දායක වූ කට්ටිය තමා දැන් ඉන්න නායකයෝ සියලූ දෙනාම... පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර පක්‍ෂ සම්මේලනය මගින් නායකත්වයට තනතුරුවලට පත් කර ගන්නා තෙක් පක්‍ෂය පවත්වාගෙන යාම බෑ. කොමියුනිස්ට් සමසමාජ පක්ෂ වලට වූ දේම තමයි..
එතකොට.. ඔබතුමාගේ බැඳුම්කර චෝදනාව?