(සුජිත් හේවාජුලිගේ )
ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස්දී ඇත.
මැති ඇමැතිවරුන් 55 දෙනකුට අයත් නිවාස ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාර වලින් සහ ගිනි තැබීම්වලින් පසුගිය දිනවල විනාශයට පත්විය.
මෙයට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම අමතර ආරක්ෂකයන් හයදෙනකු ලබාදීමටද තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ජනපති මන්දිරයේදී අද පෙරවරුවේ පැවති හමුවේදී මේ බව අනාවරණය කෙරිණ.
COMMENTS
මේ විදියට දේශපාලුවන්ගේ දේපළ නැති වුණාට මහාපරිමාණයේ හොරකම් වංචා, දූෂණ වලින් ගසා කාලා හම්බ කරපු දේවල් තව කොච්චරවත් ඇත්ද? අනුන්ගේ නම්වලට ගත්තු ගෙවල්, පිටරට වල හන්ගපු සල්ලි, හෝටල්... නැතුව නෙවෙයි...
ඔය වෙන මිනිස්සුන්ට දෙනවා වගේ ගෙයක් කිව්වාම පාලකයින්ට මතක්වෙන සයුරුපුර වගේ තැන් දුන්නා නම් හරි...!
ඒකෙනුත් කෙළින්නේ අපිටමයි...
කොහොමද මැති ඇමතිලාගේ ප්‍රශ්න මහජන මුදලින් පට පට ගාලා විසඳන අපූරුව, ජනතාවගේ ප්‍රශ්න විසදන්න තමයි කමිටු පත්කරගෙන කාලෙ කකා ඉන්නේ...
දිවයින පුරාවට සිටින සියලුම කට්ටඩි මහතුන් හට කරන විවෘත ආරාධනාවයි. යකුන් නැතිභංගස්ථාන කරන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පොත් ටික හා අඩුම කුඩුම ලෑස්තිකර ගන්න. රාජ්‍ය දේපළවලින් මොවුන්ව පන්නන්න වෙන්නේ අපිටමයි.
ඒ බරත් මහජනතාවගේ පොතට...
එදා ගෝඨාගෝගම වනසපු සනත් නිශාන්ත, ජොන්ස්ටන් හංගන් ඉන්නේ නැතුව එළියට දාන්න ඔක්කෝටම කළින්....
තවත් නටනවා වැඩියි.
අනේ උන් හිටි තැන් අහිමි වෙලාද.?
මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතිව ඉන්නවා. ඔය දේවල් කරන්නේ අපේ රටේ සම්පත් පිටරට විවිකුණලා නේද.?
උන්හිටිතැන් නැතිඋනාට හොරකම් කරපු සල්ලි ටිකක් වත් නැතිනම් පුදුම දෙයක් ,දැන් ඔය මැති ඇමැතිලගේ වරප්‍රසාදය අඩුකරලා තියෙන්නේ මෙහෙමද? ජනයාගේ කරපිටින් ගිහින් පාර්ලිමේන්තු යනවා ,ඉන්පස්සේ ජනයාගේ ලගටවත් යන්න බය දේශපාලනය විනාශ කල යුතුය, මෙහෙම කරන්න දෙන්න පුළුවන් කමක් නෑ.
කවුද පුචන්ඩත්වය පටන්ගත්තේ චක්ගෝලයොයි. ඉස්සෙල්ලම ඒ අය අත් අඩංගුවට ගතයුතුයි.
වරදක්නෑ
අරගලයේ ්ප්රතිඵල දැන් ඉතින් දෙන ගෙවල් වල සල්ලිත් අපිටම තමයි ගෙවන්න වන්නේ වැරදි පරම්පරාවේ බුද්ධිය නම් හරිම අපූරුයි
කන්න බොන්නවත් නැතිව දුක් විදින අහිංසක ජනතාවගේ දුකට උනුවෙන්නේ නැති පඩුපුල් අස්නේ මන්ත්‍රීලගේ දුකට නම් නියමෙටම වැඩ කරනවා.
ඇමැතිලාට කරදර කරපු අය අත් අඩංගුවට. කෝ උද්ඝෝෂණයට ගහපු අය අත් අඩංගුවට ගත්තාද? ඔක්කොම බොරුවනේ.
ඕකට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදෙනවා කියන්නේ.. අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කාපු සල්ලිවලින් මේ අය සුරසැප වින්දා.. දැන් ඒවට ගෙවනවා. තමන් මොන දේ කරත්, මොන තරාතිරමක හිටියත් හොරකම, බොරුව, වංචාව කරන්න හොඳ නැහැ. සාධාරණ විදියට ජීවත් වෙන්න. එතකොට දෙවියන්ගේ පිහිට තියෙනවා. ඒ මිනිස්සු කරපු දේවල් අනුව තමයි ඔය වගේ දේවල් සිද්ද වෙන්නේ..!
ඔය ගිනිතියලා උඩ පැන්නේ... දැන් ඔය ගෙවල්වලට ආරක්ෂකයින්ට ගෙවන්නේ ඔවුන්ද මහජනයාද? ඉතින් ඕවා අයකර ගන්න පරිප්පු, සීනි වගේ දේවල්වල බදු ඉහළ දානවා. අන්තිමට ජනතාවට රෝස් පාන්... ඔවුන්ට අලුත් ගෙවල්. වන්දිත් ලැබේවි...!
දේශපාලකයන්ට දන්වන්න නම් කතිර නොගහ ඉන්න ඕනේ... කතිර ගැහුවා නම් විඳවන්න ඕනේ. දැන් ඔය කරපු වැඩෙන් කී දෙනෙක් හිරේ යනවද? කීදෙනෙකුට වන්දි ලැබෙනවද? ආරක්ෂාව වැඩි වෙනවද? පාඩමක් ඉගෙන ගන්න වෙන්නේ ජනතාවටමයි. හැමෝම තලන්නේ බැරි මිනිහවමයි..
ඔය එන්නේ බළලා මල්ලෙන් එළියට... මේ නන්දසේන තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාව ගොඩගන්න පුළුවන්..
ගෝඨා ගෝ ගම හොඳයි..!
මොකටද එයාලට ගෙවල් දෙන්නේ.