IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා

(අංජුල මහික වීරරත්න)

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පුදුකුඩිඉරිප්පුහිදී අද (26) පැවති "ජය නියතයි ගම අපටයි" ජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

"පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජන රැලියක් ආමන්ත්‍රණය කරන්නේ මා පළමු වතාවටයි. මීට පෙර මේ පළාතේ ඔබ වෙනත් දේශපාලන කණ්ඩායම් සමඟ කටයුතු කරන්න ඇති. එහෙත් අප වෙනුවෙන් මෙවර වැඩිම ජනතාවක් සමග පවත්වන රැලිය මෙයයි. ගියවර මේ මුලතිව් ආසනය ජාතික ජනබලවේගයට විශාල ජයග්‍රහණයක් ගෙනත් දුන්නා. උතුරේ දෙමළ මුස්ලිම් ජනතාව ජාතික ජනබලවේගය කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකිනෙකා ඈත් වෙලා හිටියේ. පරණ දේශපාලනය විසින් අපව බෙදුවා. උතුරේ ජනතාව තෝරා ගත්තේ උතුරේ දෙමළ පක්ෂවල නායකයින්. දකුණේ ජනතාව තෝරා ගන්නේ දකුණේ සිංහල පක්ෂවල නායකයින්. නැගෙනහිර ජනතාව තෝරා ගන්නේ නැගෙනහිර මුස්ලිම් පක්ෂවල නායකයින්. එහෙත් පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් නැගෙනහිර මුස්ලිම් ජනතාවත් සියලු දෙනා තෝරා ගත්තේ ජාතික ජන බලවේගයයි. බෙදිලා හිටපු අපි එකතු වුණා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

 



අදහස් (10)

උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා

බකල ජයා Saturday, 26 April 2025 10:06 PM

අනේ මගේ අනුර පුතේ, මල්ලියේ, ජනපතිතුමනි, සහෝදරයා, අන්කල්, රනිල්ගේ නඩේ කෙරුවා වගේ මොනවා දුන්නත් ප්‍රභාකරන් කෙනෙක්ව නම් දෙන්න එපා.

:       0       0

රම්බොඩ Saturday, 26 April 2025 10:31 PM

මහින්ද මහතාට වැඳලයි යන්න ඕනෑ. ⁣කොටි ත්‍රස්තවාදය ඉවර නොකළා නම් මොවුන් මොනවාද කරන්නේ? නිවට නියාලුන් නැවත ප්‍රශ්න මවලා යයි. අනාගත පරපුරකට විසඳන්න...

:       0       0

රම්බොඩ Saturday, 26 April 2025 10:33 PM

මහින්ද මහතාට බැනලා කොටි ඩයස්පෝරාවට ආරාධනා කරලා ඇවිත් තියෙන්නේ. මේ ගැන වැඩිය කතා කරන්න අවශ්‍ය නෑ.

:       0       0

Jamal Sunday, 27 April 2025 12:01 AM

හැමදෙයක්ම දෙන්න හොඳේ... එතකොට ඡන්දෙ දීපු අයට ගොඩක් සන්තෝෂ හිතෙයි... නල්ලමා...

:       0       0

nihal Sunday, 27 April 2025 02:02 AM

එතකොට උතුරේ හිටපු සිංහල ජනයා නැවත උතුරේම පදිංචි කළ යුතුයි.

:       0       0

Nilantha Sunday, 27 April 2025 03:43 AM

දැනටමත් ගොඩක් ඒවා දීලා ඉවරයි... අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පූජා කලේ

:       0       0

pj Sunday, 27 April 2025 05:54 AM

මොහුට නූගත් පාඩම් ඉගෙන ගැනීමට තව කල් තිබේ....රටට කෙළවුණු පසු පාඩම්වල ඇති අරැත කුමක් ද? කොටි ඩයස්පොරාවේ දීර්ගකාලීන බුද්ධි මෙහෙයුම සමග මේ පච රාළලාට හැරීමටවත් බැරිය...

:       0       0

ජුණ්ඩප්පූ ආතා Sunday, 27 April 2025 07:49 AM

ඊළමත් දෙනවැයි පුතා.

:       0       0

prasanna Sunday, 27 April 2025 11:21 AM

පචපති...!

:       0       0

fairoos Sunday, 27 April 2025 11:28 AM

ජයවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 593 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 344 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 489 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site