
( රංජිත් රාජපක්ෂ)
බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් නතර වූ දුම්රිය ධාවනය අද (10) උදෑසන සිට යළි යථා තත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
එම දුම්රිය නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී ඊයේ (09) පස්වරුවේ පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම නතර විය.
කොළඔ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානයේත්, බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයෙත් අද උදෑසන වන තෙක් නතර කර තැබිමට සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
පීලිපැනීමෛන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හාන් සිදු වී තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය නිළධාරින් වැඩි දුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි පැනීමේ දෝෂය සදහටම විසඳන ක්‍රමයක් අපේ ඉංජිනේරු මහත්වරුන්ට තවම සොයාගන්න බැරි උනාද