IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඊශ්‍රායලයේ හෝටල් වැඩට ලාංකිකයෝ 103ක් යති

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සඳහා  ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව හෝටල් ගෘහ පාලනය සම්බන්ධ රැකියා සඳහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට තරුණ තරුණියෝ 103 දෙනෙක් ඇතුළත් වූහ.

ඔවුන්  ඊශ්‍රායලය බලා ඊයේ (7) පිටත්ව ගිය බව කාර්යාංශය කියයි.

තරුණ තරුණියන් 905 දෙනකු ඊශ්‍රායල් හෝටල් ගෘහ පාලන රැකියා සඳහා එරට FIBA ආයතනයට යොමු කර ඇති අතර, ඉන් 855 දෙනකු ලොතරැයි ක්‍රමය යටතේ තෝරාගෙන තිබෙන බව ද කාර්යාංශය කියයි.

දෙවැනි ලොතරැය  ඇදීම සඳහා තවත් 200 ක පිරිසකගෙන් යුත් කණ්ඩායමක් යොමු කර ඇති අතර, ඔවුන් ඉදිරියේ දී  තෝරා ගැනීමට නියමිතව ඇත.



අදහස් (6)

ඊශ්‍රායලයේ හෝටල් වැඩට ලාංකිකයෝ 103ක් යති

Nihal Dharmatileke Tuesday, 08 April 2025 01:59 PM

මනුස්සකම කියන දේ නොදන්න ලාංකිකයෝ ඩොලර් නොට්ටු එයාලාගේ අරමුණේ, ඔය මුදල් වල අහිංසක දරුවන්ගේ ලේ තැවරී ඇත. මතක තියාගන්න..

:       4       5

ගුණරත්න Tuesday, 08 April 2025 02:15 PM

ඔක්කොම සිංහල අය කියලා ෂුවර්ද? නැත්තං අවදානම්.

:       5       5

Nihal Dharmatileke Tuesday, 08 April 2025 02:41 PM

ලංකාවේ ඉපදුණා නම් ඔහු ලාංකිකයෙක්... වෙන කතාවක් නෑ.

:       0       0

fairoosmr Tuesday, 08 April 2025 02:59 PM

මේවායේ ප්‍රතිවිපාක ලැබෙනකොට තේරෙයි. මතකනේ ගෝඨාභයට වෙච්චි දේ...

:       0       0

Saman Tuesday, 08 April 2025 08:17 PM

සුබ පැතුම් සියලු දෙනාටම

:       0       0

chandima Tuesday, 08 April 2025 10:02 PM

"දැන් හූ කියාගෙන ඇමරිකාවට අපනයනය කළා. ඊශ්‍රායලයේ ප්‍රධාන ආදායම් මාර්ගය කරගන්න එපා . අවසානයේ, ඒ ස්විච් නිමාපු කාලෙක එල්ලෙන්න වැල් හොයන්න වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site