IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල වතුර: වාර්තාවකින් හෙළිවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල  තිබී ඇත්තේ වතුර බව  සෞඛ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය  වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

ඒ පිළිබඳ වාර්තාව ලැබී ඇතැයිද  ඔහු සඳහන් කළේය.

සමහර බෙහෙත් කම්පැනි වල ඒකාධිකාරය බිඳ දමා ඇතැයි ද ඔහු සඳහන් කළේය

පැපුරෝන් එන්නත ඉස්සර තිබුණේ හැත්තෑ දාහට බවත්  දැන් අපි ගන්නේ රුපියල් 370ට බවත්  ඔහු කීවේය

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධ වුණු ඉමියුනොග්ලොබියුලීන්  එන්නත එකක් ගත්තේ  එක් ලක්ෂ විසි දාහකට බවත්   ඒක දැන් අපි ගන්නේ රුපියල් තිස් දාහට බවත් නියෝජ්‍යමාත්‍යවරයා කීය.

ඒ එක ටෙන්ඩරයකින්  ඉතිරි කරපු මුදල කෝටි විස්සක්  බව ඔහු සඳහන් කළේය.

සෙපියුරොක්සින් ප්‍රති ජීවක ඖෂධයෙන්  මුලින් ගත්තේ පන්සිය හැත්තෑවට බව පැවසූ විජේමුණි මහතා දැන්   ගන්නේ රුපියල් හැත්තෑවට බවද  ප්‍රකාශ කළේය.

ඒ එක ටෙන්ඩර එකෙන්  කෝටි අනූවක් ඉතිරි කරගත් බව  හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (11)

ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල වතුර: වාර්තාවකින් හෙළිවෙයි

සංඛ Saturday, 08 March 2025 11:27 AM

මෙහෙම වෙනකොට කියනවා ආණ්ඩුව අප්සෙට්ලු. හරි නැහැල්ලු. වැඩ බැරිලු... කියලා

:       1       0

රම්බොඩ Saturday, 08 March 2025 11:33 AM

මෙවා ඇත්ත නම් හොඳයි. අපට දේශපාලයේ ඉන්න කිසිවෙකුත් විශ්වාස කළ නොහැකියි. මෙයාලගෙ ගේම් හොයන්නෙ ඊලඟට එන අය. ඒක තමයි ලෝකෙ සිද්ධ වෙන්නෙ. රටට අවංකවම හොඳක් කරනවානම් ඉතා විනිවිදව ඒවා සිදු වෙනවානම් ඒ රටේ පැතුමයි.

:       0       1

පොඩිඑකා Saturday, 08 March 2025 11:41 AM

කෝ…කෝ… මේ රම්බොඩ අයියා…, යෝග බඩිල්ලා ඇතුළු කසල ශෝධක නඩේ…

:       1       0

අරවින්ද මොණරවිල Saturday, 08 March 2025 12:06 PM

හා. ..හා ..... නියෝජ්‍ය ඇමතිතුමා අනවශ්‍ය කතා කියන්න එපා අපේ බයි පීපල්ස්ලාගේ ප්‍රෙෂර් එක නගිවි හාට් ඇටක් එක වැඩි වෙයි ඕවා අහලා..

:       1       0

Mahajanathawa Saturday, 08 March 2025 12:49 PM

මේවා අහනකොට අපේ ඡන්දය ගැන අපිට හරිම ආඩම්බරයි.........

:       1       0

Neel Saturday, 08 March 2025 02:09 PM

කෙහෙලිය රඹුක්වැල්ල ඔයාට මාර විදිහට ජනතාව අමතනවා මේ නිවුස් එක නිසා. ඔයාට ඇත්තටම හිතක් පපුවක් තිබුනේම නැද්ද?

:       1       1

කුකුල් චමින්ද Saturday, 08 March 2025 03:28 PM

මාලිමා ආණ්ඩුව කයිය ගහලා, ඇද-කුද හොයලා විතරමයි, මුකුත් කරලම නෑනේ? කෝ, බං මේ වසර 76කට ආවඩන බත්කන මී ගව රංචුව. වන්දනාවේවත් ගිහිල්ලාද අද මෙතන වැලලෙන්න නැත්තේ? ළඟ පාතක හිටියා නම් බත්කටක් කවන්න තිබුණා...

:       11       16

poddaSunday, 09 March 2025 02:32 AM

ඇයි කියලා තියෙන්නේ 70,000 එන්නත 370ට ගන්නවා. ලක්ෂ ගානේ එන්නත තිස්දාහට ගන්නවා කියලා. ෆොන්සේකා ඉවර කරපු යුද්දේ ගැන කයිය ගහලා මයිනා ලෙසටම ගහපු එකේ, එන්නත් ගාන අඩු කරලා පොඩ්ඩක් කයිය ගැහුවාම මොකෝ...?

:       0       1

රනේ Saturday, 08 March 2025 04:09 PM

ඉතින් අපේ කෙහෙලියට මක්කැයි කරන්න හිතාගෙන ඉන්නේ..?

:       1       20

ranjith Saturday, 08 March 2025 04:09 PM

මේ කරපු අපරාධයට එනම් වටිනා බෙහෙත් කියලා වතුර දීලා සල්ලි හම්බ කරපු අමනුෂ්‍යයින්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා හිරේ දාන්න...!

:       1       20

naleen Saturday, 08 March 2025 05:28 PM

වතුර අඩුවෙන් බොන අයට දෙන බෙහෙතක් ද කොහේද මාරුවෙලා...?

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site