IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉන්දියාව - උණුසුම් වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි

එම ත්‍රස්තවාදීන්ට සහ ප්‍රහාරයට සහාය දුන්නන්ට කිසිවකුටත් සිතාගත නොහැකි ආකාරයේ පිළිතුරුක්  දෙන බව ද  ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.

බිහාර් ප්‍රාන්තයේ මධුබානි ප්‍රදේශයේ පැවැති රැලියකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කාශ්මීරයේ ඉන්දීය පාලනයට අයත් ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් එම ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි සංචාරකයන් 40 දෙනකුට පසුගියදා වෙඩි තැබූ අතර ඉන් 26 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.

මියගිය අයගෙන් 25 දෙනකු ඉන්දීය ජාතිකයන් වූ අතර එක් අයෙක් නේපාල ජාතිකයෙක් විය.

ත්‍රස්ත ප්‍රහාරයට තිදෙනකු සම්බන්ධ බවත් ඉන් දෙදෙනකු පාකිස්තාන ජාතිකයන් බවත් ජම්මු කාශ්මීර පොලිසිය ඔවුන්ගේ ආසන්නතම රූපය මාධ්‍ය වෙත නිකුත් කරමින් පැවැසුවේය. හඳුනගන්නකුට ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනමන බවද පොලිසිය සඳහන් කළේය.

ඒ සමග පාකිස්තානය සහ ඉන්දියාව ජලය බෙදාගත් ඉන්දු ජල ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටත් දේශ සීමා වසා දැමීමටත් ඉන්දීයා කටයුතු කළේය. 

පාකිස්තාන ජාතිකයන්ට මෙතෙක් නිකුත් කර ඇති වලංගු වීසා බලපත්‍ර එළැඹෙන 27 වැනිදා සිටත්, වෛද්‍ය හේතුන් මත නිකුත් කර ඇති වලංගු වීසා බලපත්‍ර එළැඹෙන 29 වැනිදා සිටත් අවලංගු කිරීමට තීරණය කර ඇත.

එදිනට පෙර සියලුම පාකිස්තාන ජාතිකයන් ඉන්දියාවෙන් පිටව යා යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීර් ප්‍රදේශයට 26 දෙනකුට මරු කැඳවමින් එල්ල වූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉන්දීය කැබිනට් කමිටුව ගත් තීරණ අනුව යමින් මෙලෙස සියලුම පාකිස්තාන ජාතිකයන්ගේ වලංගු වීසා බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

ඉන්දියාවේ මෙම තීරණය පිළිතුරු දෙමින් පාකිස්තානයද නිදහස් කිරීමේ ක්‍රමවේදයකට යටත්ව නිකුත් කළ ඉන්දීය ජාතිකයන්ගේ වීසා අවලංගු කිරීමටත් පාකිස්තානයේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ සිටින පිරිස 30 දක්වා අඩු කිරීමටත් කටයුතු කළේය.

එසේම ඉන්දීය ගුවන් සේවා සඳහා තම ගුවන් සීමාව වසා දැමීමටද පකිස්තානය තීරණය කළේය.

ඉන්දු ජාල ගිවිසුම අත්හිටුවීම පාකිස්තානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස දකින බවත් ඉන්දියාව සමග සියලුම වෙළෙඳ කටයුතු නතර කරන බවත් පකිස්තානය පැවැසුවේය. එහිදී ඉන්දියාව සමග තිබෙන ද්වී පාර්ශ්වික ගිවිසුම් සියල්ල අත් හිටුවීමටද පාකිස්තානය කටයුතු කළේය.



අදහස් (9)

ඉන්දියාව - උණුසුම් වෙයි

pakeer Thursday, 24 April 2025 09:43 PM

මේ ප්‍රශ්නේ ජාතියකට හෝ රටකට එරෙහිව ගනුලබන තීරණවලින් විසඳිය නොහැකිය. මෙය හුදෙක්ම වැරැදි කරපු පුද්ගලයින් සොයාගොස් ප්‍රශ්නය විසඳිය යුතුයි.

:       0       0

ගුණරත්න Thursday, 24 April 2025 10:56 PM

ත්‍රස්තවාදීන් එක්ක කටයුතු කරද්දී අනුකම්පා විරහිතව තලා වනසා දමන්න ඕනෑ...

:       0       2

Janitha Friday, 25 April 2025 12:35 AM

26 දෙනෙක් මැරිලත් අවසන් වනතුරු හඹාගෙන ගොස් දඬුවම් දෙනවා. කොච්චර ප්‍රේමනීය කතාවක්ද? ඒකට අපේ අය... 300ක් මැරිලත් පාස්කු ප්‍රහාරය ගැන කෝටියක් පච කිය කිය.., හෝද හෝද මඩේ දානවා...

:       1       3

Nandalal de Silva - France Friday, 25 April 2025 12:42 AM

බුරන බල්ලන් හපා නොකති.. කියා අපේ පැරැන්නන් කිව්වේ කට කහනවට නොවේ...

:       0       0

බකල ජයා Friday, 25 April 2025 05:41 AM

ඇඟේ, හිතේ රස්නෙ අඩුවෙන්න වතුර බොන්න. අකුලගෙන හරි අව්වෙ යනකොට කුඩයක් ගෙනියන්න.

:       0       5

idr tharanga Friday, 25 April 2025 10:53 AM

බුද්ධ කාලීන ශාක්‍ය සහ කෝලිය ජනපද දෙක මැදින් ගලාගිය රෝහිණී නදියේ දියවර එකම වේල්ලකින් ශාක්‍ය කෝලිය ජනපද වාසීන් දෙපිරිසම සමසේ ප්‍රයෝජනයට ගත්තා. එම ජලය බෙදාගන්න බැරුව ඔවුන් යුද්ධ කරා. නමුත් බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා එම යුද්ධය නැවැත්තුවා. ඉතිහාසය නැවත නැවතත් වෙනවා.

:       0       2

Jayasekara Friday, 25 April 2025 11:09 AM

ඉන්දියාව කලබල වුණා වැඩි කියලා හිතෙනවා. ත්‍රස්ත සංවිධානයක් මිසක් පාකිස්තානු රජයෙන් ප්‍රහාරයක් එල්ල කළේ නැහැනේ...! 

:       1       2

ආනන්ද පිටබැද්දර Friday, 25 April 2025 11:54 AM

තිදෙනෙකු සම්බන්ධ ක්‍රියාවකට නම් අදාල අය සොයා දඬුවම් දීම නීති ගරුකයි. නමුත් රටවල් දෙක වෙඩි තියා ගැනීම් නම් අවදානම් හා නුසුදුසු ක්‍රියාවක්. තමන් අදහන ආගමක නාමයෙන් සාකච්ඡා කර සමගියෙන් ප්‍රශ්නය විසඳා ගැනීම ඉතාම සුදුසු ක්‍රියාවක්. කලබල වුණොත් අවි පත්තු වුනොත් තවත් ජීවිත හා දේපල වල අවධානම ඉහළ යාවි සාමය අගයමු...!

:       0       0

බක්මීගොල්ල Friday, 25 April 2025 06:10 PM

මම නම් කියන්නේ ඉන්දියාව ඉක්මන් වුණා වැඩියි. තීරණ බරපතල වැඩියි. ත්‍රස්තවාදියෝ කරපු දේට රටටම බලපාන දේවල් කිරීම වැරැදියි. දැන් අපේ රටේ කොටි ඉඬියාවේ අගමති (රජීව් ගාන්දි ) මැරුවේ. හොඳ වෙලාවට මෝදි හිටියේ නැත්තේ. හිටියා නම් අපිටත් ඔහොම කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site