IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට

( මහින්ද   නිශ්ශංක )

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.

ඒ අනුව දැනට පවතින ලුණු හිගය අවසන් ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙන් මිලදී ගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ලුණු සමාගම මඟින් ඇණවුම් කළ ලුණු තොගයෙන් කොටසක් තම සමාගම මිලදී ගෙන ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සදහන් කළ සභාපති නන්දන තිලක මහතා ලංකා ලුණු සමාගමද මෙට්‍රික් ටොන් 10,000 ක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයිද පැවසීය.

පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් හම්බන්තොට ඇතුළු අනෙකුත් ලුණු ලේවායන්වල ලුණු අස්වැන්න නොලැබුණු බවත් පැවසු ඒ මහතා ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගය ලැබුණු පසු ලබන සතියේ සිට ලුණු ලක්ෂ දෙක බැගින් වෙළඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

 ඊයේ  (14) ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කල බව පැවසූ සභාපති ඩි.නන්දන තිලක මහතා අදත් (15) ලුණු පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.

 



අදහස් (10)

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට

රම්බොඩ Thursday, 15 May 2025 11:00 AM

මේකටනම් දූපත් රාජ්‍යක් හැටියට සියල්ලන් ලැජ්ජා විය යුතුයි. ආණ්ඩුවලට බැනලා වැඩක් නෑ. ලුණු සංස්ථාවක් කියලා එකක් තියෙනවානෙ. මුහුද මැද ඉඳන් රටට අවශ්‍ය ලුණු ටික හදාගන්න බෑ.

:       0       13

so sad Thursday, 15 May 2025 11:49 AM

අපි එක ලුණු කැටයක් පිටරටින් ගන්නෙත් නෑ. ඉන්දියාව කියන්නේ අපේ රටේ කොටසක්. ඒක වෙන රටක් කියලා කවුරුහරි කියනවා නම් ඒකම බොරුවක්. අපි ලුණු නිෂ්පාදනාගාරයක් අලිමංකඩ විවෘත කළා. ඒක දැකපු වෙලාවෙදී දීපාල් සිල්වාගේ සින්දුව මතක් වුණා.

:       4       11

මැක්ස් Thursday, 15 May 2025 12:16 PM

ගෙදර කුස්සියේ තිබුණු ලුණු පොල් කට්ටටත් ඇරියා මාලිමාව!

:       10       16

කුකුල් චමින්ද Thursday, 15 May 2025 12:43 PM

හිටපු එවුං මුළු රටටම ඇරපු එකේ, ලුණු පොල්කට්ට මොකක්ද, මැස්සෝ?

:       11       10

Nandalal de Silva - France Thursday, 15 May 2025 01:26 PM

වැස්සෙන් ලුණු පොල් කට්ට දිය වෙලා ගියාම පිටරටින් ලුණු ගෙනවා ! වැස්සෙන් කුඹුරු හෙදිලා ගිහින් පිටරටින් හාල් ගෙන්වා ගැනීමට වෙනවා! මෙහෙම රට කන ජරා වැස්සෙන් අපිව ආරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා රට පුරාම පොල් ගැසීමට එකා මෙන් නැගී සිටිමු. ඒ උනත් පොල් ගෙඩියත් රටින් ගෙන්න උනොත් ඒකත් හුටං තමා....

:       0       2

රට වැසිය Thursday, 15 May 2025 01:42 PM

මේ ආණ්ඩුවේ අදහසක් තියෙනව, බඩු තියෙනව නම් මිනිස්සු ඕන ගානක් දිලා ගන්නව කියල, ඒ නිසා තමයි හාල් වල මිල වැඩි කරේ, දැන් දිය ලුනු වලට කරන්නෙත් ඒකමයි!

:       0       0

ගුණරත්න Thursday, 15 May 2025 02:13 PM

ඉන්දියාව කෝටි 140ක් මිනිස්සුන්ට කන්නත් දීල අසල්වැසි රටවලටත් යවනවා, අපේ රටේ කෝටි 2ක් මිනිස්සුන්ට කන්න දෙන්න බැරිව අල්ලපු රටවලින් ඉල්ලනවා. මේක නින්දාවක්, රජයේ අසාර්ථකත්වයක්, මොකද ලුණු ලේවා සියල්ලම රජයේ ආයතන. ඉතින් රජය වගකිව යුතුයි මේ හිඟයට.

:       0       0

ජයනාත් Thursday, 15 May 2025 05:19 PM

පහුගිය 76 අවුරුද්ද ක් ලංකාවේ කර්මාන්ත දියුණු කරපු හැටි තමයි මේ පේන්නේ . දැන්වත් පිළිවෙළක් නොකළොත් රටට අනාගතය ක් කොහෙත්ම නැ .

:       0       0

සාලිය Friday, 16 May 2025 07:18 AM

වසන්ත පම්පෝරි නතර කරලා වැඩ කලා නම් හොදා... අඛණ්ඩ සැපයුම සහතික කිරීමට

:       0       0

Nandalal DE SILVA - FRANCE Friday, 16 May 2025 01:00 PM

ඉන්දියාව අපෙ කිරිබත් මුට්ටියට, කිරි හොද්දට ලුණු දමලා නියමෙට රුපියල් කෝටි ගණන් හම්බකරනවා. අපෙ රටෙ ලුණු සංස්ථාවේ අයියල, ෂපාන් එකෙ, ඒක නිකම්ම නිකං දියවෙන කම් චූන් එකෙ බලං ඉන්නවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24752 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18142 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 577 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 833 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site