
(විමුක්ති එස් රුද්‍රිගු)
දිල්ලි සිට කාශ්මීරයේ ශ්‍රීනගර් බලා පියාසර කළ ඉන්ඩි ගෝ ගුවන් යානයක් දැඩි කුණාටු තත්වයකට හසුවී විනාඩියක් තුළ අඩි 8500 පහළට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ගුවන් යානය දැඩි කුණාටු තත්වයකට හසුවීම හේතුවෙන් අනතුරු ඇඟවීමේ සංඥා කීපවතාවක් නාදවී ඇති බවත් ඉන් ගුවන් යානයේ ඉදිරිපසට හානි වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.
එම අවස්ථාවේ මාර්ගයට වෙනස් කිරීමට කෙටි වේලාවකට පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළුවීමට ගුවන් යානය අවසර ඉල්ලා ඇතත් පාකිස්තානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කුණාටුවට හසුවන අවස්ථාවේ අඩි 36,000 ක් මගින් 220 රැගෙන පියාසර කරමින් තිබී ඇත. කෙසේ නමුත් යානයේ ගමන් ගත් කිසිවකුට ඉන් අනතුර සිදුව නොමැති අතර කුණාටුව මධ්‍යයේ ගුවන් යානය ශ්‍රීනගර් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි ආපදා අවස්ථාවකදී ලෝකේ ඕනෑම ශිෂ්ඨ රටක් මගී ගුවන්යානයකට ගොඩ බස්වන්න අවසර දෙනවා, ඒත් ත්‍රස්තවාදීන් එහෙම නැහැ. කොමියුනිස්ට් මානසික ලෙඩ්ඩුත් එහෙම ගුවන් යානයක් බැස්සුවොත් හැම එකාම අපරාධකරුවෙක් විදියට සලකලා හිරිහැර කරපු සිදුවීම් ඉතිහාසේ තියෙනවා. පාකිස්තානය කරපු දේ නින්දිතයි. තුච්ඡ අධම වැඩක්...
පකිස්ථානය... ඉන්දියාවෙන් ඔවැනි අවස්ථාවක අවසර ඉල්ලූවත් ඔච්චර තමයි. ඉන්දියාව තමයි ලොකු හයියක් අරන් පකිස්තානයට කෙටුවේ. ඕවා ඉන්දියාව බලාපොරොත්තු වෙන්න ඕනේ... නැද්ද හා පුළුවන්...!