(රොමේෂ් මධූෂංඛ)
යාපනය වඩමාරච්චි තම්පසිට්ටි වට්ටුවාන් ප්‍රදේශයේ දී පවුල් දෙකක් අතර වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අතක් වෙන්වන සේ කපාදමා රැගෙන ගිය පුද්ගලයෙකු ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පැවසීය.
අදාල පවුල් කලක සිට ඉඩම් ගැටලුවක් හේතුවෙන් ආරවුල් ඇති කරගන්නා අතර ඊයේ දින ද එලෙසින් ආරවුලක් ඇති වූ අවස්ථාවේ දී සිය මස්සිනාගේ අත වෙන්වන සේ කපා, වෙන් වූ අතේ කොටස ද රැගෙන අනෙක් මස්සිනා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
පසුව අත කපා දැමීමෙන් බරපතල තත්වයේ සිටි පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.
මෙලෙස අතක කොටසක් අහිමි වී ඇත්තේ 30 හැවිරිදි ෙසල්වනායගම් සෙන්තුරන් නැමත්තාට වූ අතර ඔහුගේ ඥාතීන් විසින් මේ පිළිබඳ ව පේදුරුතුඩුව පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය විසින් පලාගිය සැකකරු අත්අඩංගුවට ගත්ත ද රැගෙන ගිය අතෙහි කොටස මෙතෙක් හමු නොවීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයාට අතෙහි මැණික්කටුව ආසන්නයෙන් අතෙහි කොටස අහිමි විය.
අත්අඩංගුවට ගත් සැකකරු පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
231
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉඩම් හබයට මස්සිනා මස්සිනාගේ අත කපයි