
(ජේ.ඉඳුරුවගේ )
අධික වේගයෙන් වාහන ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක භාවිතා කිරීමට යයි.
ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම වේග මාපක විශේෂයෙන් රාත්‍රී රථ වාහන මෙහෙයුම් සඳහා ද භාවිතා කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මීගමුව, කැලණිය සහ ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන් වෙත සහ බස්නාහිර පළාත් රථ වාහන දකුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත මෙම වේග මාපක උපකරණ කට්ටල 30 ක් සංකේතාත්මකව ලබා දීම ඊයේ (11) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(11) පොලිස් මූලස්ථානයේදී සිදු කෙරිණි .
ඉදිරියේදි දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත මෙම වේග මාපක ලබාදී රථ වාහන නිලධාරීන්ට මෙම යන්ත්‍රය හැසිරවීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට නියමිත බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මාලිමා සහෝදරවරු මේ ගනුදෙනුවෙන් පුද්ගලිකව කොමිස් ගන්නේ නැත. ලැබෙන සන්තෝසමක් වෙතොත් එය පැලවත්ත කාර්යාලයට යොමු කරනු ඇත.
Speed camaras මාර්ගවල සවිකරා නම් ස්වයංක්‍රීයව අධික වේගයෙන් ධාවනය කරන වාහන හසුකර ගැනීම පමණක් නොව ඡායාරූප ගත කිරීමට පවා හැක. පොලිස් නිලධාරීන් අවශ්‍යය නැත. පොලිස් නිලධාරීන් මෙය හැසිරවීමෙන් විවිධ අක්‍රමිකතා සිදුවිය හැක.
ඕවායින් බේරීමට ක්‍රම සහ විදි ඇත.
ඔබ හරි. පොලීසිය ගැන ජනතා විශ්වාසය අඩුයි. කැමරාවලට අධික ප්‍රාග්ධනයක් අවශ්‍ය වුණත්... පසුව ලැබෙන ප්‍රතිලාභත් සාර්ථකත්වයත් වැඩියි...
බහරේන් රාජධානියේ ස්වයංක්‍රීය මාර්ග කැමරා පද්ධතිය ශ්‍රී ලාංකිකයෙකු විසින් පිහිටුවන ලදී, ශ්‍රී ලංකාවේ එසේ නොවන්නේ ඇයි?
"අධිවේගයෙන් ගමන් කරන වාහනවල අංකය සමඟ ඡායාරූප ගන්නා කැමරා ලෝකයේ තිබෙනවා. ඒවා පාරේ ඇති ට්‍රැෆික් කණුවලට ස්ථාපිත කළ හැක. ඒක තමයි සාර්ථක ක්‍රමයක් දියුණු රටවල් කරන. ඊට පස්සේ වාහනයේ අයිතිකරුට ගෙදරටම දඩ මුදල යවනවා ගෙවන්න කියලා. මේ කැමරා වාහනයේ වේගය පසු කිරීම පමණක් නොව, ශීට් බෙල්ට් නොදමා ගමන් කළත් සොයාගන්න හැකි තරමට දියුණු. "