IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇල්ලේදී ජීවිත බේරන්න කළ මෙහෙවරට නාමල් හිස නමයි

(අංජුල මහික වීරරත්න)

ඇල්ල අනතුරේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දායක වූ සියලු දෙනා පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට තම හෘදයාංගම ගෞවරය පිරිනමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද කියයි.

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදු වූ බස් රථ අනතුර පිළිබඳව මම දැඩි සංවේගයට පත් වුණෙමි. මෙම අනතුරට ලක් වූ තංගල්ල මහනගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්.කේ රූපසේන මහතා ඇතුළු පිරිසකගේ ජීවිත අහිමි වී ඇති අතර සමස්ත මහජනතාව මේ සිදුවීම හේතුවෙන් දැඩි කම්පනයට පත් වී ඇත. 

දැඩි බෑවුම් සහිත ස්ථානයක, අනතුරට ලක් වූ අපේම සහෝදර ජනතාවගේ ජීවිත බේරාගැනීමට දෙවරක් නොසිතා සටන් කළ,  ඇල්ල  ප්‍රදේශයේ සහ ඒ ආසන්න ප්‍රදේශවල ජනතාව ඇතුළු පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, වෛද්‍ය කණ්ඩායම් සහ ගිනි නිවීමේ ඒකකයන්හි සියලුම නිලධාරීන් පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට මාගේ හෘදයාංගම ගෞවරයත් ස්තූතියත් පුද කරමි.

නොසිතූ අන්දමින් සිදු වූ, රටම කම්පනයට පත් කළ මෙම අනතුරෙන් මිය ගිය සියලුම දෙනාට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.



අදහස් (0)

ඇල්ලේදී ජීවිත බේරන්න කළ මෙහෙවරට නාමල් හිස නමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site