
(නිමල කොඩිතුවක්කු)
මිනිමරු සංස්කෘතිය නවත්වන්න රජයට නොහැකි වී ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුටුවක් සහ බංකුවක් ගේන්න කියු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල ප්‍රදේශයේදී පවා ඝාතන සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාතාල කල්ලි මැර කල්ලි මිනිමරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි උණ්ඩය බෝම්බය බයිනේත්තුව කඩුව හරහා ජන සමාජය ග්‍රහණයට ගෙන ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.මිනිමරු සංස්කෘතිය නතර කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විසදුම් නැද්ද කියා ප්‍රශ්න කරණ බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
දිනපතා සිදුවන මිනිමැරුම් ජාතික ආරක්ෂක ගැටලුවක් නැති බවට ආණ්ඩව පැවසුවත් රටේ ජනතාව මිය යනවා නම් එය ජාතික ආරක්ෂක ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජන ජීවිත සුරක්ෂිත කිරීම බවත් එය රට වෙනුවෙන් කරන යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පච්චි කරපු හරිය හොඳටම ඇති පුතානෝ.
විපක්ෂ නායකතුමා. මේක හරි සරල දෙයක්නේ. ඉස්සර ඕගොල්ලෝ ආණ්ඩුව කාලයේ කුඩු විකුණන්න මැරයොන්ට කප්පං ගන්න ඉඩ දුන්නා. දැන් ඒවා මොනාවත් බෑ, අල්ලස් ගන්නම බෑ .ඉතින් දැන් කට්ටිය ඇවිස්සිලා ඉවරයි. ඉතින් ඒකයි ඒ දැන් හැම එක්කෙනාම ඇනකොටා ගන්නේ. දැන් ඉතින් එහෙනම් ඉතින් ආරක්ෂාවට එක එක්කෙනාට එක එක පොලිසිය එක්කෙනා දාන්න වෙනවා. ඕක තේරුම් ගන්න බැරි විපක්‍ෂනායකතුමෙක්ද ඔබ
එතකොට දැන් ආණ්ඩුව ද පලි.... ඔබලාම අයිතිකරපු පතාලය නේද මේ?
මෙයාලා ජාතික ආරක්ෂාව ගැන ඇලට් එකේමයි ඉන්නේ... හරි සතුටුයි නේද?
අනේ මගෙ කට තාත්තා හිටියනන් තමුන්ට මේ ගැන උපදෙස් ගන්න. සිහින ජනපති
දිවා රෑ නොබලා මේකේ කුණු හෝදන මාලිමාවේ ඩෝබිලා සෙට් එක දැන් මොකක් හරි කියයි මාතෘකාවට පිටින් දෙයක්. ලංකාව ඉතිහාසයේ දරුණුම පාතාලේ උණ්ඩයට යටත්ව ජීවත්වෙන යුගයට ගෙනල්ලා තියෙනවා මාලිමා ආණ්ඩුව. අද ජනාධිපති එයාගේ ආරක්ෂාව සිය ගුණයකින් විතර වැඩි කරගෙන කියනවා ජාතික ආරක්ෂාව හොඳයි කියලා. ඒත් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව නැතිවෙලා කොහෙන් කොයි වෙලාවක උණ්ඩෙට බිලි වෙයිද දන්නේ නෑ.
මෙයා කලබල වෙලා තියෙන්නෙ මේ මරාගන්න උන්ගෙන් වැඩි හරියක් සජබෙ පතාලෙ නිසා, එක එක ජල්තරස් වැඩ කරපු උන් වැඩිහරියක් සජබෙ නැත්නම් පෙහොට්ටුවෙ, ඒකයි අමාරුව, තමුන්නැහැලා පැලකරපුව තමයි ඔය අස්වැන්න එන්නෙ. මෙහෙ අපරාධ කරල ඩුබායි වලට පැන්නෙ මේ රජය කාලෙද ,උන්ට තමන්ගෙ වැඩ කරගෙන යන්න බැරි නිසා දැන් මරාගන්නව,
සොත්ති උපාලිලා තියාගන දේශපාලනය කල පරම්පරාවෙන් ආපු කෙනෙක් කියන කතා, ඕව අහන කෙනෙක් නැහැ, ජනතාව දන්නව වෙනදේ එල්ලෙන්න වැලක් නැති සජබෙට මේක තමයි වැල, හයියෙන් අල්ලගන්න තව ටික කාලයයි , ඔය වැල තියෙන්නෙ.
අනේ මේ ලාමක ටින්ටින්. මොනවද මේ කියන්නෙ. තමුන් කියන්නෙ මේ සේරම මිනිමැරුම් හොර වන්චා කුඩු පාතාල මාලිමාව ආවට පස්සෙද දරුනු වුනේ . තමන්ගෙ පියා මැරුන හැටි අමතකද. ඊටපස්සෙ මීහරක් ආන්ඩු දෙක මාරුවෙන් මාරුවට අවුරුදු ගානක් රට කෙරුව එක හොරෙක් මිනිමැරුවෙක් ඇල්ලුවද. ඇල්ලුවත් ජනාධිපති කියන එකා බලය පෙන්නලා මිනී මරුවෝ නිදහස් කරනව . මාලිමාව විතරයි රටක් හැටියට වැඩ කරන්නෙ. නිතීය ක්‍රියාත්මක කරන්නෙ. ඔයත් අර මන්ත්‍රි ඉස්කෝලෙට අයදුම් කරන්න. ගිරවෙක් වගේ කියවනවා. මුල අමතකයි. පාතාලය ලන්කරගෙන කට්ටියක් වැඩ කර ගත්තා. දැන් බලය බින්දුවයි. පාතාලයට ඉල්ලන දීමනා දෙන්න දැන් බැහැනෙ. එහෙම කට්ටිය අපා ගතවෙන්න ලෑස්තිවෙන්න. රට කුනු ගොඩක් දැන් තමා මූල පාට ගිහින් ඔප වැටෙන්නේ
ඕවා මොනවද, ඔහෙගේ පියතුමාගේ කාලේ රට පුරාම පාරක් පාරක් ගානේ, හන්දියක් හන්දියක් ගානේ තිබුණ ටයර් සෑයවල් එක්ක බලනකොට.
පියාණෝ රටේ ජනපති වෙලා ඉන්න කාලේ "සෙරප්පු සුපා කියලා අන්වර්ථ නාමයකින් හඳුන්වපු රාජ්‍ය ඇමති කෙනෙක් මුළු රටටම කිව්වා "තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගන්න" කියලා. මතක නැතෙයි?
විපක්ෂ නායකතුමාට මීට වඩා හොඳ මාතෘකාවක් ලැබිලා නැතුව වගෙයි.
අයියෝ මෙතුමට තේරිලා නෑ . තාම ට්‍යුෂන් ඉවර නෑ නෙ.බංකුවල හිඟයක් මං හිතන්නෙ.
මෙරට මිනීමරු සංස්කෘතියක් බිහි කිරීමේ පුරෝගාමියා තමාගේ පියතුමා බව මතක් කරගන්න,
මෙයාගේ තාත්තාගේ කාලයේ ප්‍රා කළුකොටි කොළකොටි කහ බලල්ලු වගේ අතොරක් නැති මිනිමරු කල්ලි රට පුරාම මීනි මරමින් රට විශාලා නුවරක් කළ හැටි මෙයා දන්නේ නැතුව ඇති.මොකද මෙයා ඒ දවස්වල වල හිටියේ අපේ සල්ලි වලින් ලන්ඩන් නුවරයි. වෙන කරන්න දෙයක් නැති නිසා නයිට් ක්ලබ් වල රස්තියාදු වෙවි ඉන්න ඇති.
මිනී මරු සංස්කෘතිය පටන් ගත්තේ ඔයාගේ තාත්තා සහ එයාට ඉස්සෙලා හිටපු මහ එකා. දැන් ඉතින් බයිලා ගහල වැඩක් නෑ. දැන් ලංකාවේ අමනුෂ්‍යයෝ රජවෙලා ඉවරයි... බොරුවට කෑ ගහන්න එපා ඔයා. අනික, ලංකාවේ මිනි මැරුම් නවත්තන්න ඉස්සෙල්ලා සිංහල හැත්තට උගන්නන්න ඕන මිනිසුන්ට ගෞරව කරන්න... මනුෂ්‍යයන් විදිහට.
බයිනෙන්තු? මේ මනුස්සයගෙ සිතීම, භාෂාව හැමදේම 'එක්ස්පයර්ඩ්.'
ඔයා වගේ හීනයක් දැකලා ඇහැරුණාම, රණසිංහ ප්‍රේමදාස, බටලන්ද, පාස්කු දින ප්‍රහාරය වගේ ඒවා මතක් කරගන්න.
මෙතුමාගේ තාත්තාගේ කාලේ වුනා කියලා දැනුත් වෙන්ඩ ඕනෑ නැනේද? කියන කෙනා නම් වැඩක් නැ තමයි ඒ වුණාට දැන් රටේ ඕක වෙනවා අනිවාර්යෙන්ම අලුත් පොලිස්පතිතුමා හොයලා බලයි