
( සුමිත් පොතුපිටිය)
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 19 සහ 24 වියැති පුද්ගලයින් බව පොලිසිය කීය.
සැකකරුවන් කුලී ගමනක් සඳහා මෝටර් රථයක් අවශ්‍ය බව දුරකථන ඇමතුමක් දී එය වාද්දුව ප්‍රදේශයට ගෙන්වා පානදුර ඉන්ද්‍රජෝති මාවතේ පාළු ප්‍රදේශයකදී රියදුරුවූ විශ්‍රාමික යුද හමුදා සෙබළාට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා රියදුරු සතුව තිබූ රන් මුද්දක්ද කොල්ලකා රියදුරු පන්නා දමා මෙම මෝටර් රථය පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෑන්ඩ් පෝන් තහනම් කරන්න ඕන. ඒකෙන් කතාකරල තමයි වාහනේ ගෙන්න ගත්තේ.