IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආදායම් ඉලක්කයට නොගියොත් කෝටි 2133 අහිමි වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක් අහිමි වී යාමේ අවදානමක් මතුව තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා ලබන වසර සහ 2027 වසර සඳහා ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්කය සපුරාලන්නේ නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය සහනයක් ලබා ගැනීමට හැකියාව පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

එහිදී ලබන වසර සඳහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක සහ 2027 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.4 ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතු බවට ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා මෙරටට ඉලක්කයක් ලබාදී තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

නමුත් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ දක්වා ඇති ආදායම් පුරෝකතනයන් ඉහත ඉලක්කයට වඩා පහළ මට්ටමක තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

එම ප්‍රකාශයට අනුව ලබන වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.2 ක ආදායම් ඉලක්කයක් ලබන වසර සඳහා රජයට ඇති අතර 2027 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක ආදායම් ඉලක්කයක් රජයට ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර ඉලක්කයට ගැලපෙන පරිදි අද(07) ඉදිරිපත් කෙරෙන අයවැය රජය ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් එම ණය සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් තිබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති බවත් ආණ්ඩුකරණයට බැදුණු බැදුම්කර යනු ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් හැටියට නිකුත් කිරීමට යන බැදුම්කර වර්ගයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ආණ්ඩුකරණයට බැදුණු බැදුම්කර යටතේ රටේ ආණ්ඩුකරණ තත්ත්වය යහපත් වෙන තරමට ණය ගෙවීමේදී සහන හිමිවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඒ හේතුවෙන් එම සහනය ලබා ගැනීමට නම් මෙවර අයවැයෙන් රජයේ ආදායම් ඉලක්කය එයට ගැලපෙන පරිද්දෙන් වෙනස් කළ යුතු බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

ආදායම් ඉලක්කයට නොගියොත් කෝටි 2133 අහිමි වෙයි

de silva Thursday, 06 November 2025 10:40 AM

රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණ වලට ලක් කර එහි සේවකයෝ ප්‍රතිවියුහ ගත කරගෙන , එමගින් රජයේ වියදම් යම්කිසි ප්‍රමනෙකට අඩු කරගෙන , රාජ්‍යසේවය කාර්යක්ෂම කරගෙන , එම වාසිය ජනතාවට ලබාදී තීරු බදු යම්කිසි ප්‍රමාණයකට අඩු කර ගතහොත් වෙළද පල ප්‍රසාරණය කරගත හැක , එසේ කලොත් ඔය ඉලක්ක ගත අගයට වැඩි වැඩි හොඳ අගයකට යන්න පුළුවන් බව මගේ අදහසය , අපේ රටේ ජනතාවගෙන් විශාල ප්‍රමානයක් දිනකට නිකරුනේ රජයේ කාර්යාලවල , රස්තියාදු වෙන නිසා , විශාල ශ්‍රමයක් සහ මුදලක් රටට අහිමි වේ ,

:       23       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site