
(සුජිත් හේවාජුලිගේ)
මාලිමාව කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලූ බව සඳහන් කරමින් ආණ්ඩුව ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය යොදාගෙන බොරු මාධ්‍ය ෂෝ එකක් කරන බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
විපක්ෂය බියට පත් කිරීමේ අරමුණින් කරන මෙම මාධ්‍ය ෂෝ එකෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුව බියට පත්වී ඇති තරම බවද හෙතෙම සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ නම් පවා ගැසට් කර නොමැති අවස්ථාවක ආණ්ඩුව බලය පිහිටුවා ඇතැයි පවසන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන රහුමාන් මහතා එහි බලය කාටදැයි තීරණය කෙරෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා ලබන 2 වැනිදා පවත්වන ඡන්ද විමසීමේදී බවද ප්‍රකාශ කළේය.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේද ඔවුන් බියට පත් වී ඇති තරම බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ බලය පිහිටුවීමේදී ස්වාධීන කණ්ඩායමේ කිහිපදෙනෙකුද විපක්ෂය සමග සිටින බව ඔහු අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලා කරන්නෙත් ඒකමනේ. අඩුමගානේ රජයට තව සභිකයින් කීප දෙනයි අවශ්‍ය, තමුන්ලාට කොපමණ එකතු කරගන්න ඕනෑද, අඩුම ගානේ නගරාධිපතිවරයාවත් නම්කර ගන්න බැරිව ඔහෙලා තමයි කයිවාරු ගහන්නේ...!
ඔයාලට පුළුවන් නම් නගරසභාව බලය අරගෙන පෙන්වන්නකෝ. නිකන් බොරු ෂෝ එපා මුජිබර්... ඔයාලට තියෙන්නේ කුහක කම...
හරියට පන්තියේ පළවෙනියා ලකුණු 75ක් අරන් හැබැයි ලකුණු 35ක් අරන් ඉන්න කෙනා කයිය ගහනවා...
සජබේ බලයට වන්නේ මොකද්ද කියලා රටම දන්නවා. ආසන සංවිධායකයන් හයක් දාලා ගිහිං එයාලගේ අයව පුංචි මන්ත්‍රීලා කලේ නෑ කියලා.