
(සුජිත් හේවාජුලිගේ )
රජයේ ආයතනවල නිලධාරීන් හෝ සේවකයන් සාමූහික වශයෙන් එකතුවී කරන අල්ලස් ගැනීම්( අල්ලස් පොකුරු) වැඩි වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා පැවසීය.
එසේ අල්ලස් ලබාගෙන ඒවා සියල්ලන් අතරේ බෙදා ගන්නා බවට තොරතුරු හෙළි වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් ලබාදීමද බරපතළ වරදක් බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් ගන්නන් වගේම අල්ලස් දෙන්නන් සම්බන්ධයෙන්ද ඉදිරියේදී දැඩි විමසිල්ලෙන් සිට අත්අඩංගුවට ගැනීම් කරන බව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් වල විදුහල්පතිවරු සහ අමාත්‍යාංශ නිලධාරීන්ද මේ වැඩේ කරනවා.
ආණ්ඩු වෙනස් වුණාට මේ වගේ නිලධාරීන් වෙනස් වෙනකන් රට හදන එක බොරු...
අල්ලස් ගන්න බැරි නම් පුළුවන් තරම් වැඩ කල් දැමීම, කල් දැමීමට නිදහසට කාරණා කිවීම, වැඩ නොකිරීමට හේතු සෙවීම නූතන රාජ්‍ය සේවකයන්ගේ ස්වයං දිවුරුම් ප්‍රකාශවල එයි.
සුළු සේවකයා පටන් උසස් නිලධාරියා දක්වා ඉන්නේ පගා මරුවෝ. අල්ලස් ගත්තුවා බෙදා හදාගෙන ලොක්කන්ගේ සහාය ඇතිව ජයටම කරගෙන යනවා....
පච ගෝනි පිටින් ප්‍රසිද්ධියේ බෙදා හැරලා මහජන ඡන්ද ලබා ගෙන බලයට පත්වීම අල්ලස්, දුෂණ, වංචාවලට වැටෙන්නේ නැතිද...?
ලංකාවේ cargo service වලට එන රේගුවේ අයත් එහෙමම අල්ලස් ගන්නවා. බඩු එවන සමහර අය රේගුවේ අයට දෙන්න වෙනමම පාර්සල් අරගෙන එනවා. ඇවිත් ඒවා කෙලින්ම දෙනවා. අනිත් අය පෙට්ටි clear කරන කට්ටිය හරහා දෙනවා. වත්තල තියන transco එකේ මේක හොදටම වෙනවා.