IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ආණ්ඩුවේ ඉහළ පුටුවලට සිටින ඇතැම් නිලධාරීන්ට ළඟදීම නඩු

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව තුළ සිටින සමහර නිලධාරීන්ට එරෙහිව ඉතාම ඉක්මණින් නඩු ගොනුකරන බවත් ඇතැම් නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා පත්‍රවලට මේ වන විටත් අත්සන් කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතා අද (3) පැවසීය.

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කිරීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභා පරිශ්‍රයේදී අද (3) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී රංග දිසානායක මහතා එසේ පැවසීය.  

රජයේ අමා්‍යංශවල ඉහළ නිලධාරීන් කීපදෙනෙක්ටම මෑතකදීම නඩු ගොනුකරන බව කී රංග දිසානායක මහතා එම පුද්ගලයන් කවුරුන්ද යන්න කොමිසමට අදාල නොවන බව ද සඳහන් කළේය.

කොමිෂන් සභාවට පැමිණි ලැබුණු සමහර අය 2015, 2016 හෝ 2020 යන වර්ෂවලදී කරපු වැඩ බවත් එසේ වුවද ඔවුන් අද වන විට කැරකී නැවතත් එම ඉහළ පුටුවල සිටින බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

අලුත් ආණ්ඩුව පත්වුවද නිලධාරීන් බොහෝ දෙනෙක් වෙනස් නොවූ අතර ඔවුන් මීට පෙර සිටියා මෙන්ම තවමත් සිටින බවත් ඔවුන්ට එරෙහිව පැමිණිළි තිබේ නම් කිසිසේත්ම තනතුරු ආදාල නොවන බවත් දිසානායක මහතා කීය.

කාර්ය මණ්ඩලයේ අඩුව පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් ඇතැම් ලිපිගොනු පිළිබඳව කටයුතු කිරීමේදී සති ගණනින් කාලය ගතවන බවත් සමහර විමර්ශන සම්බන්ධයෙන් නඩු පැවරීමට අත්සන් කර තිබුණ ද නඩුව ගොනුකිරීමට පහසුකම් නොමැතිවීමෙන් එම කටයුතු ප්‍රමාද වී ඇති බවත් ඒ මහතා කීය.



අදහස් (10)

ආණ්ඩුවේ ඉහළ පුටුවලට සිටින ඇතැම් නිලධාරීන්ට ළඟදීම නඩු

Suneth Thursday, 03 April 2025 02:27 PM

කාලය ටිකක් ගත වුණත් නඩු නියම විදියට පවරන්න. ආණ්ඩුව හොරු අල්ලන් නෑ කියල කෑගහන වැඩි පිරිස මේ ආණ්ඩුව පත් කරගන්න ඡන්දෙ දීපු අය නෙවෙයි. හොරු වෙනුවෙන් පෙනී සිටින කට්ටිය.

:       11       42

මැක්ස් Thursday, 03 April 2025 02:29 PM

මහතාණෙනි, ලගදී පැවැත්වීමට නියමිත පළාත් පාලන චන්දයට පෙර ටර්බෝ ස්පීඩ් එකෙන් හෝ ගොස් කීප දෙනෙක් අල්ලා සිර ගත කර අපගේ මාලිමාවන්ට එම මැතිවරණයෙන් ජය අත් කර දීමට සහාය වන්න. වෙසෙසින්ම සේදුම් බලකායට කල එලියට එන්නට හැකි වී බඩපිණුම් ගැසීමට හැකිවන තත්වයක් උදා කර දෙන්න.

:       38       23

D P P Prasad Thursday, 03 April 2025 02:32 PM

එතකොට ඒ ලොක්‍කන්‍ට චාමර රංජිත්‍ හා බන්‍දූ එක්‍ක එකටම කල්‍දේරම්‍ බත්‍ වල රස බලන්‍න පුළුවන්‍

:       1       2

අයි.ජී.එග්.ජයවීර - අම්බලන්ගොඩ Thursday, 03 April 2025 02:39 PM

මමත් පැමිණිලි 10 ක් විතර කරල තියෙනවා. කැදවල ප්‍රකාශත් සටහන් කරගෙන තියෙනවා. සාක්ෂි දෙන්න තමයි බලන් ඉන්නේ.

:       1       32

John Silva Thursday, 03 April 2025 02:58 PM

1994 ට පෙර පත්වූ ටික දෙනෙක් හැරුණු විට වැඩිම පිරිසක් පුටුවෙන්ම ආපු අයයි කියල නොදන්න කෙනෙක් නැතුව ඇති

:       0       23

rohank Thursday, 03 April 2025 03:02 PM

මේ ඇතැම් නිලධාරීන්, සුළු පිරිසක් කියන යෙදුම් තනිකර වැරදියි. සුළු පිරිසකට මේ රටට කරල තියෙන හානිය කරන්න බැහැ. බහුතරයක් කියල කියන්න බය නැතුව. ඒක තමයි ඇත්ත.

:       1       43

Mohan Mangala Mapa Thursday, 03 April 2025 04:56 PM

විදිමත් ලෙස නඩු ගොනුකර, ප්‍රබල සාක්ෂි ඉදිරිපත්කර, මොවුන් සියල්ලටම දඩුවම් දිය යුතුමයි. ඔවුන් හිරේ ගියත්, අතිරේකව දක්ෂ නිලධාරින් අලුතින් එන්න බලන ඉන්නවා.

:       0       4

Mohan Mangala Mapa Friday, 04 April 2025 07:30 AM

ඔවුන්ට එරෙහිව ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරලා හිරේ දැම්මම රට දියුණු වෙනවා. ඒ වගේම, ඔවුන් අස් කරාම, අලුත් තරුණ පිරිසට රැකියාත් හම්බ වෙනවා

:       0       5

Kazi Shajahan Friday, 04 April 2025 02:36 PM

තවත් පච වෙන්න එපා බොරු කියලා. ලොක්කා කිව්වා ෆයිල් 400 එයා ගාව තියනවා කියලා. බඩුත් ශුවර්ම කිව්වා. කෝ තාම ලොක්කාට බැරිවෙලා තියෙනවා ලොක්කා ගාව තියෙන ෆයිල් වලින් එකෙකුට ජම්පරේ අන්දන්න ?

:       0       0

කපුරු හාමි Friday, 04 April 2025 05:34 PM

දූෂිතයෝ අල්ලන කොට සමහර වහලුන්ට හිතට අමාරු ඇති. කලින් හිටපු දූෂිත පව්ල් පාලනේ උන් රටම හොරාකාලා විනාශ කරන කොට දැන් කෙදිරිගාන උන් කොහෙද දන්නේ නැහැ උන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site