
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව තුළ සිටින සමහර නිලධාරීන්ට එරෙහිව ඉතාම ඉක්මණින් නඩු ගොනුකරන බවත් ඇතැම් නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා පත්‍රවලට මේ වන විටත් අත්සන් කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතා අද (3) පැවසීය.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කිරීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභා පරිශ්‍රයේදී අද (3) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී රංග දිසානායක මහතා එසේ පැවසීය.
රජයේ අමා්‍යංශවල ඉහළ නිලධාරීන් කීපදෙනෙක්ටම මෑතකදීම නඩු ගොනුකරන බව කී රංග දිසානායක මහතා එම පුද්ගලයන් කවුරුන්ද යන්න කොමිසමට අදාල නොවන බව ද සඳහන් කළේය.
කොමිෂන් සභාවට පැමිණි ලැබුණු සමහර අය 2015, 2016 හෝ 2020 යන වර්ෂවලදී කරපු වැඩ බවත් එසේ වුවද ඔවුන් අද වන විට කැරකී නැවතත් එම ඉහළ පුටුවල සිටින බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.
අලුත් ආණ්ඩුව පත්වුවද නිලධාරීන් බොහෝ දෙනෙක් වෙනස් නොවූ අතර ඔවුන් මීට පෙර සිටියා මෙන්ම තවමත් සිටින බවත් ඔවුන්ට එරෙහිව පැමිණිළි තිබේ නම් කිසිසේත්ම තනතුරු ආදාල නොවන බවත් දිසානායක මහතා කීය.
කාර්ය මණ්ඩලයේ අඩුව පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් ඇතැම් ලිපිගොනු පිළිබඳව කටයුතු කිරීමේදී සති ගණනින් කාලය ගතවන බවත් සමහර විමර්ශන සම්බන්ධයෙන් නඩු පැවරීමට අත්සන් කර තිබුණ ද නඩුව ගොනුකිරීමට පහසුකම් නොමැතිවීමෙන් එම කටයුතු ප්‍රමාද වී ඇති බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය ටිකක් ගත වුණත් නඩු නියම විදියට පවරන්න. ආණ්ඩුව හොරු අල්ලන් නෑ කියල කෑගහන වැඩි පිරිස මේ ආණ්ඩුව පත් කරගන්න ඡන්දෙ දීපු අය නෙවෙයි. හොරු වෙනුවෙන් පෙනී සිටින කට්ටිය.
මහතාණෙනි, ලගදී පැවැත්වීමට නියමිත පළාත් පාලන චන්දයට පෙර ටර්බෝ ස්පීඩ් එකෙන් හෝ ගොස් කීප දෙනෙක් අල්ලා සිර ගත කර අපගේ මාලිමාවන්ට එම මැතිවරණයෙන් ජය අත් කර දීමට සහාය වන්න. වෙසෙසින්ම සේදුම් බලකායට කල එලියට එන්නට හැකි වී බඩපිණුම් ගැසීමට හැකිවන තත්වයක් උදා කර දෙන්න.
එතකොට ඒ ලොක්‍කන්‍ට චාමර රංජිත් හා බන්‍දූ එක්‍ක එකටම කල්‍දේරම් බත් වල රස බලන්‍න පුළුවන්
මමත් පැමිණිලි 10 ක් විතර කරල තියෙනවා. කැදවල ප්‍රකාශත් සටහන් කරගෙන තියෙනවා. සාක්ෂි දෙන්න තමයි බලන් ඉන්නේ.
1994 ට පෙර පත්වූ ටික දෙනෙක් හැරුණු විට වැඩිම පිරිසක් පුටුවෙන්ම ආපු අයයි කියල නොදන්න කෙනෙක් නැතුව ඇති
මේ ඇතැම් නිලධාරීන්, සුළු පිරිසක් කියන යෙදුම් තනිකර වැරදියි. සුළු පිරිසකට මේ රටට කරල තියෙන හානිය කරන්න බැහැ. බහුතරයක් කියල කියන්න බය නැතුව. ඒක තමයි ඇත්ත.
විදිමත් ලෙස නඩු ගොනුකර, ප්‍රබල සාක්ෂි ඉදිරිපත්කර, මොවුන් සියල්ලටම දඩුවම් දිය යුතුමයි. ඔවුන් හිරේ ගියත්, අතිරේකව දක්ෂ නිලධාරින් අලුතින් එන්න බලන ඉන්නවා.
ඔවුන්ට එරෙහිව ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරලා හිරේ දැම්මම රට දියුණු වෙනවා. ඒ වගේම, ඔවුන් අස් කරාම, අලුත් තරුණ පිරිසට රැකියාත් හම්බ වෙනවා
තවත් පච වෙන්න එපා බොරු කියලා. ලොක්කා කිව්වා ෆයිල් 400 එයා ගාව තියනවා කියලා. බඩුත් ශුවර්ම කිව්වා. කෝ තාම ලොක්කාට බැරිවෙලා තියෙනවා ලොක්කා ගාව තියෙන ෆයිල් වලින් එකෙකුට ජම්පරේ අන්දන්න ?
දූෂිතයෝ අල්ලන කොට සමහර වහලුන්ට හිතට අමාරු ඇති. කලින් හිටපු දූෂිත පව්ල් පාලනේ උන් රටම හොරාකාලා විනාශ කරන කොට දැන් කෙදිරිගාන උන් කොහෙද දන්නේ නැහැ උන්නේ?