IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ

(යොහාන් භාසුර)

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (14) පැවසීය.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එසේ පැවසීය.

ශ්‍රී ලංකා රජය ස්මාරකයට මේ දක්වා කිසිඳු විරෝධයක් දක්වා නොමැති බවත් ජනාධිපතිවරයා, අගමැතිවරිය හෝ විදේශ අමාත්‍ය විජිත හේරත් මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩු බලය සඳහා ඇති කෑදරකම නිසා, අදාළ ප්‍රජාවේ සහාය තවදුරටත් ගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව මුනිවත රැකීමට කටයුතු කරන බව කී එදිරිමාන්න මහතා පැවසුවේ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුව නොමැති බවට ප්‍රකාශ කර ඇති පසුබිමක, දෙමළ ජාතික ජන සංහාරය පිළිබඳ මතවාදය යළි කැනඩා සමාජය තුළ මතුවීම හා වත්මන් ආණ්ඩුව බලයට පත්වීම අතර සම්බන්ධතාවක් පවතින බව සඳහන් කළේය.

ජනාධිපති මැතිවරණ කාලයේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබා ගැනීමට 2024 වසරේ කැනඩාවට ගිය පසු මෙම එල්.ටී.ටී.ඊ සමරු ස්මාරකය නිර්මාණය කළ පිරිස සමඟ ළඟින්ම කටයුතු කළ බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් සදඟන් කළේය. 



අදහස් (14)

ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Wednesday, 14 May 2025 04:19 PM

දේශපාලන පෞරුෂය තිබුණ අය ලංකාවෙම පෞරුෂය නැතිකරල බංකොළොත් කරල හිඟමනට දාල ගියා කියන්න අමතක වෙන්න ඇති.

:       16       71

Rama Wednesday, 14 May 2025 04:34 PM

පෞරුෂයක් නෑ විතරක් නෙමෙයි අනුර කුමාර ජනාධිපති මැතිවරණයට ඉල්ලන්න කලින් කැනඩාවේ සහ එංගලන්තයේ ගිහින් ඒ රටවල ඉන්න දෙමළ ජනයාට ඉර හඳ සහ ඉල්ලන දෙයක් දෙන්න පොරොන්දු දීලා ආවේ. මතකද ඒ ගැන නිව්ස් පෙන්නපු හැටි. ඒ අනුහසින් තමයි උතුර නැගෙනහිර ඇතුළුව ද්‍රවිඩ ඡන්ද ටික ඔවුන්ගේ ජාතික පක්ෂවලට පවා නොලැබී ගිහින් ජේවීපී එකට ලැබුණේ. කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කිව්වාලු. මාලිමාව කියලා නම මාරුකරා කියලා ජේවීපී ගති වෙනස් වෙන්නෙත් නැහැ. 1980 ගනන්වල ඔවුන් කොටි සංවිධානයට සහාය දීම සඳහා අපේ හමුදාවේ සාමාජිකයන්ට තර්ජනය කරා දකුණේ ඉන්න හමුදා සේවයේ අයගේ පවුල්වල සාමාජිකයන් මරනවා කියලා උතුරේ හමුදා සේවයේ යෙදුණොත්. එහෙම මරපු අවස්ථාත් තිබුණා. ඒ නිසා දැන් ඔය වෙස් මුහුණු ගලවලා ඉන්නේ කියලා හිතාගන්න.

:       69       20

Asela Wednesday, 14 May 2025 04:45 PM

කදිරගාමර්, මහින්ද සමරසිංහ, Ali Subry, ආදීන්ගේ වැදගත්කම මට මතක් වෙන්නේ මේකෙන්. වැඩක් නැති කොණ්ඩා කපන්නෙක් දැක්කම එළුවා රැවුල අල්ලනවා කියලා කියමනක් තියෙනවා. රාජ්‍ය තාන්ත්‍රික හෝ උපායශීලී නොවන, තමන් ඉන්න තැන කියන්න බැරි වැඩකට නැති දේශපාලනඥයන්ගෙන් ආණ්ඩුව පිරී තියෙනවා. යුද්ධය දිනන්න නායකත්වය දෙන්න මහින්දට පුළුවන් වීම අපිට වාසනාවක්.

:       61       27

The Three Idiots Wednesday, 14 May 2025 05:22 PM

යුද්දෙ ඉවරකරල රට ගොඩටම ගත්ත එකට දෙමව්පියන්ටත් එක්ක ස්තූතියි.

:       0       0

කපුරු හාමි Wednesday, 14 May 2025 05:25 PM

යුද්ධය දිනාදීම මාර්කට් කරලා පවුලේ උන්ව, හතර වරිගෙම ඉන්න උන්ව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරන්ඩ පව්ල් පාලන ආණ්ඩුවට තිබුනු පවුරුෂය ගැන නම් කියන්ඩ වචන නැහැ.

:       0       0

Jay Wednesday, 14 May 2025 06:39 PM

ඔයාලාට ඡන්ද නැහැ... 2.5%

:       8       32

අරවින්ද මොණරවිල Wednesday, 14 May 2025 06:57 PM

දේශපාලන බුද්ධියක් නැති හාදයෝ තැන් තැන්වල ගහන කයිවාරු වලට හුරේ දාන්නෙත් ඒ වගේම අය බව අපි දන්නවා. ඒ වගේම මේ සෙට් එකට පෞරුෂය තිබුණේ හොරා කන්නයි හිඟා කන්නයි විතරයි කියලත් රටම දන්නවා. බැසිල්ගේ ඔඩොක්කු කුක්කෝ අද අනාථ වෙලා... කරන්නේ මොනවාද කියන්නේ මොනවාද කියලා නොදැන...!

:       9       37

pakeer Wednesday, 14 May 2025 08:12 PM

පුදුම පෞරුෂයක් තිබුණේ... හොරකම් කරන්නයි. මැරකම් කරන්නයි... නීති කඩ කඩ මිනී මරන්නයි. ඔබලාගේ පෞරුෂය රෙද්ද පල්ලෙන් බේරෙනවා දැන් නම්...

:       7       33

Perera Thursday, 15 May 2025 06:39 AM

ප්‍රතිපත්තියක් නැති හිවල්ලු, රට බංකොලොත් කරන්න මූත් හවුල් වුණ එකෙක්.

:       0       0

සාලිය Thursday, 15 May 2025 07:21 AM

LTTE නැතිනම් උබලාට කියන්න දේකුත් නෑ.

:       0       0

fairoos Thursday, 15 May 2025 10:57 AM

ඕවා කරන්න ඕනේ වෙලාවට කරලා ඇති . ආපහු ඔය ජාතිවාදය අවුස්සලා චන්දෙ දිනන එක බොරු

:       2       3

ගමේ එකාලා Thursday, 15 May 2025 01:58 PM

දූෂිත පවුල් පාලනේ උන්ට තිබුනේ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය ,සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය ,බොරුව, අදිකරණය පවා දේශපාලණීකරණය කරපු එක.නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා ,රටම කාබාසීනියා කරපු එක.ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාපු උන්ට තිබුනු පෞර්ෂය ගැන කියන්ඩ වචන මදි .

:       0       0

kumara Thursday, 15 May 2025 02:25 PM

ඔය කියන එක, සිරිපාලට, කෙහෙලියට, මහින්දානන්දට, ගොන්ස්ටන් ට තිබ්බෙ නෑ නේ...

:       0       0

Kamal Koyrala Thursday, 15 May 2025 02:55 PM

මේ නිවේදකයාට තිබුනා 2.50 පෞරුෂය පෙන්වන්න අඩුම මිනිස්සු 10ක් එකතුකරලා ලෙමන් පුස් උපවාසයක් කලනම් හරි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 682 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site