
(අංජුල මහික වීරරත්න)
බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ "බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්" පිදුම් ලැබූ ආචාර්‍ය නදීශා චන්ද්‍රසේන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවිය.
ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය හේතුවෙන් අවහිර වන විවෘත කාණු පද්ධති සඳහා විසඳුමක් ලෙස ආචාර්ය නදීශා විසින් නිමවන ලද ස්මාර්ට් කාණු පද්ධති සංකල්පය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති WIPO සම්මාන උළෙලේ දී රටවල් 95 ක් සහ ආයතන 780 ක් අතරින් ජයග්‍රහණයට පත් විය.
අග්‍රාමාත්‍යවරිය මෙහිදී ආචාර්ය නදීශා චන්ද්‍රසේන වෙත සිය ශුභාශිංසන එක් කළ අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ විය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආචාර්ය නදීශා අගමැතිනිය හමු වෙයි
Dehiovita sudesha Monday, 21 July 2025 03:44 PM
ඔබතුමියට අපේ සුබ පැතුම්. ලෝකේ වැඩ කාරයෝ ඉන්නේ ගොඩාක් ලංකාවේ අය. සුපිරි මොල මේවා..! රටට වැඩක් ගන්නේ නැති එකයි වරද...
Ratta Monday, 21 July 2025 04:45 PM
නියම බඩු දෙක මුණ ගැහිලා තියෙන්නේ, දන්නෝ දනිති... දෙක එකතු වුණා නම් රට ගොඩේ ගොඩ....
Perakum Liyanagama Monday, 21 July 2025 07:49 PM
ශුභාශිංසන පලකිරීමෙන් පමණක් නොනැවතී ඇයට තවදුරටත් අවශ්‍ය සහයෝගය හා ධෛර්ය්‍යය ලබාදී මෙම සොයාගැනීම රටේ අභිවුර්ධිය පිණිස යොදාගැනීමට අගමැතිණිය නිසි පියවර ගත යුතුය. නැතහොත් මේ තවත් එක් සිද්ධියක් ලෙස ඉතිහාස ගතවනු ඇත.