
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම ලාභී හා සමෘද්ධි සහනාධාර ලැබූ පවුල් වල තරුණ තරුණියන් රැකියා වලට යොමු කිරීම සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් අරඹන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමසේනා වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ දී හෙට (3) අරඹන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය කියයි.
මේ සඳහා කොළඹ හා ගම්පහ දෙදිසාවේ යෞවන යෞවනියෝ 100ක් පමණ සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතිකල දිළිදු සහන දීමේදී අනුගමනය කල ශ්‍රමදායකත්වය ගැනීමේ කටයුතු කලොත් සමුර්ධිය හා ඇස්වැසුම ඉල්ලීම අඩුවේවි. අඩුම තරමින් ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග ඇලවේලි සංවර්ධනය වේවි එහෙම නැත්නම් ස්වයංරැකියා කිරීමට යොමුවේවි
මම බණ්ඩාරවෙල... මම උසස් පෙළ වාණිජ කළේ... මට මේ පිළිබද විස්තරයක් දෙන්න. දැනුවත් කරන්න...
අපිටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද?
ඇත්තටම හොඳයි
අදහස හොදා. රස්සා දුන්නොත්. කලින් දීලත් අපිට දුන්නේ නෑ . දුප්පත්ම කට්ටියට දුන්නේ නෑ
අපිට දෙයි. විකාර . තිබුණු දේවලුත් කැපුවා.
රැකියා නැතුව නෙවෙයි මේ රටේ දැන් ඉන්න එවුන් පට්ට කම්මැලියි උන්ට ඕන නිකං ඉදලා කීයක් හරි හිඟා කාලා හවසට කසිප්පු ටිකක් ගංජා කෑල්ලක් අයිස් කෑල්ලක් ගහන්න. නැත්නම් ඕන තරම් ජොබ් තියෙනවා මේ රටේ.
හැබැයි ජොබ් එකක්වත් තාම ඉගෙන ගෙනත් දුන්නේ නම් නෑ.