IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අසැභි දර්ශන අන්තර්ජාලයට මුදා හැරි සිවුරු දැරු අයෙකුට සිර දඬුවම්

(රෝෂන් තුෂාර)

පෙම්වතිය හා එක්ව කළ අනග රැගුම්, ප්‍රේම වියෝවෙන් පසු අන්තර්ජාලයට මුදා හැරියේ යැයි කියන අනුරාධපුරයේ චීවරධාරියකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.

රුපියල් 2500 දඩ මුදලක්ද, වින්දිත කාන්තාව සඳහා ලක්ෂයක වන්දි මුදලක් ද නියම කරන ලෙස නියෝග කළාය.

අදාල දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලීහිල් වැඩ සහිත සිර දඬුවමක් හිම විය යුතු බවද නියම කළාය.

අසභ්‍ය වීඩියෝ දර්ශන වට්සැප් ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරියේ යන චෝදනාවට සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන්  මෙම දඬුවම නියම කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක  අපරාධ විමර්ශන ඒකකය මගින් ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය  මෙම දඬුවම නියම කළාය.

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර හිමිනම හා හිමිනමට පෙම් බැඳී පැමිණිලිකාරිය වට්සැප් ඔස්සේ හඳුනාගෙන ඇති බවය.

එසේ හඳුනා ගැනීමෙන් පසුව හිමිනම විසින් අනුරාධපුරයේ වන්දනා  කිරීම සඳහා පැමිණිලිකාරියට ආරාධනා කර ඇත.

කිහිපවරක් අනුරාධපුරේ වන්දනා කළ පැමිණිලිකාරිය සිය සැමියා සමග සැකකාර හිමිනැමගේ පන්සලේ ඇති කබානාවල නවාතැන් ගෙන ඇති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පන්සලේ කබානා තිබේ දැයි විමසා සිටියාය.

ඊට ප්‍රතිචාර දැක්වූ රහස් පොලිසියේ සඳහන් කර සිටියේ සැකකාර හිමිනම විසින් අදාළ නවාතැන් පහසුකම් දෙන කුටි කබානා ලෙස හඳුන්වා ඇති බවය.

පසුව පැමිණිලිකාරිය විසින් තමාගේ නිවසේ වස් වැසීමට සැකකාර හිමිනමට ආරාධනා කර ඇති අතර එසේ ආරාධනා කර දින දෙකකින් පසුව සැමියා රැකියාව  සඳහා ගෙදරින් බැහැරව ගොස් ඇත.

ඉන්පසුව දෙදෙනා සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන වරින් වර ගෙදර සහ හෝටල්වල නතර වී සිටියත් ඇති අතර විරසක වීමෙන් පසුව අදාළ දර්ශන සැමියා වෙත වට්සඇප් මාර්ගයෙන් යොමු කොට ඇත.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ප්‍රකාශ කර සිටියේ තමන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නේ නම් ඊට වරද පිළිගැනීමට සූදානම් බවය.

දෙදෙනා සමග කැමැත්තෙන් ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගිය බවත්,අදාළ ප්‍රේම සම්බන්ධය පැමිණිලිකාරියගේ සැමියා දන්නා බවත් සැකකාර හිමිනම සඳහන් කළේය.

එහිදී රහස් පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේ මෙම කිසිවක් පැමිණිකාරයගේ සැමියා නොදන්නා බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවය.

අදාළ වීඩියෝ දර්ශන දැකීමෙන් පසුව  සැමියාගේ ජීවිතය කළකිරී ඇති බවට ප්‍රකාශ කර ඇති බවද සඳහන් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  සැකකාර හිමිනම  පැමිණිල්ලක් ගොනු කරහොත් වරද පිළිගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළ හෙයින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කරමින් මුදා හරින ලෙසට නියෝග කළාය.

අදාල ඇප තැබීමට නොහැකි වූ සැකකාර හිමිනම දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇපකරුවකු ඉදිරිපත් කර නිදහස ලැබීය.

පසුව මෙම නඩුව අද දිනයේදී යළි කැඳවූ අතර අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනු කළ අතර එම නඩුව සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ මාස හයක ලිහිල් වැඩ සහිතව සිරදඬුවමක් නියම කළාය.



අදහස් (16)

අසැභි දර්ශන අන්තර්ජාලයට මුදා හැරි සිවුරු දැරු අයෙකුට සිර දඬුවම්

sakura Thursday, 12 June 2025 03:11 PM

දැන් සැමියාට කළකිරිලා නම්, ර සිවුරු කාරයාගේ කබානා ටික බලන් මහන වෙන්නයි තියෙන්නේ.

:       4       21

SAD Lanaka Thursday, 12 June 2025 03:28 PM

දැන් ලංකාවේ සිල්වත හමුදුරු නමක් හොයන්න නැති තරම් . 90%ක් ඉන්නේ සිවුරු රඳවන. බුද්ධාගම ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ සිවුරු රඳවන (හමුදුරුවරු කියන අය) වලින්. මම නම් පන්සල් වලට යන්නේ නැහැ, සිවුරක් දාගෙන හැම ජරා වැඩම කරන කාලකන්නින්ට වඳින්න අකමැති නිසා. මම බුද්ධ දර්ශනය අනුව ජීවත් වෙනවා. පන්සල් වල ඉන්න උන්ට අපිට තරම්වත් සිල්වත් කමක් නැහැ.

:       3       43

ආච්චි Thursday, 12 June 2025 03:30 PM

සස්සාදු සා..දුහ්! වෙන මොනවා කියන්නද?

:       3       13

channa Thursday, 12 June 2025 03:37 PM

පරාජිකා පාලියට අනුව මොහු තව දුරටත් චීවරධාරියෙක් නොවේ.

:       2       30

ජිල්බු Thursday, 12 June 2025 04:54 PM

එහෙනං ඩෙනිම් ටීෂර්ට් ධාරියෙක්ද?

:       0       0

කපුරුහාමි Thursday, 12 June 2025 04:01 PM

බලන්ගොඩ කස්සපයා කියන සිවුරු කාරයා දැන් මොනවා කියාවිද දන්නේ නැහැ .

:       6       15

ජිල්බු Thursday, 12 June 2025 04:52 PM

සියලු දෙවි දේවතාවුන්ගේම සරණයි. ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරෙන්ම සාර්ථක වේවා.

:       0       0

අරවින්ද මොණරවිල Thursday, 12 June 2025 07:01 PM

මේ තරම් බරපතල අපරාධයක් කරලා තිබියදීත් මාස හයක් ලිහිල් දඩුවම් ලබා දීම ප්‍රශ්නයක්, මේ පිළිබඳව අධිකරණ ඇමතිවරයාගේ අවධානය යොමු විය යුතුයි. නීති ප්‍රමාණවත් නැති නම් අලුතින් නීති සදහා හො මෙවැනි අපරාධ වලට දැඩි දඩුවම් ලබා දිය යුතුය.

:       0       0

චර්ත් Thursday, 12 June 2025 07:11 PM

කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක් ගොනුකළ සැකකාර හිමි ඇප ලබා අධිකරණයෙන් පිටව යයි...!

:       0       0

m. saman perera Thursday, 12 June 2025 07:12 PM

අන්තෝ ජටා බහි ජටා...

:       0       0

බද්රානි Thursday, 12 June 2025 07:34 PM

මේ අශීලාචාර චීවරධාරීන්, මේ රටට ශාපයක්... සිවුරට මුවාවෙලා, උතුම් බුදුදහමට අගෞරව කරමින් කරන්න තියන දහ ජරා වැඩ ඔක්කෝම කරනවා. සංවරකම කියන එක ගෑවිලාවත් නැහැ... පින්බත් ගිලමින් දේශපාලකයින්ව හා සමස්ත සමාජය නොමග යැවීමට මුලික වුනේ මොවුනුයි... දැක්කානේ, ඊයේ, පෙරේදා, වත්මන් ජනාධිපතිතුමාවත් රජාට අන්දලා, ඔහුවත් නොමග යවා මේ රට ප්‍රපාතයකට ඇද දැමීමටයි... මේ උත්සාහ කරන්නේ... මදුවලිගෙන් තලා දන්ගෙට දක්කන්න ඕනෑ...

:       0       0

රටවැසියා Friday, 13 June 2025 12:36 AM

මිනිස්සුන් වෙසක් පොසොන් පෝයටවත් පන්සල් යන්නේ නැතුව දන්සල් යන්නේ ඕක තමයි! කොච්චර යූ ටියුබ් වල බණ කිව්වත්

:       0       5

සෙනෙවිරත්න Friday, 13 June 2025 11:09 AM

අනුරාධපුර පැත්තෙ චන්ද්‍රයාට සමාන අර්ථයක් දෙන ගිරක් සහිත පන්සලක් බව කව්ද යූ ටියුබ් කාරයෙක් කියනව ඇහුන. මේ රටේ කලාකාරයෙකුට හිමිනමකට පාරෙ බැහැල යන්න බැරි විදියට වරදට හොරකමට පොලඹවපු අර පක්ෂ කල්ලියෙ උන්නන්සෙ කෙනෙක් හොයල බලන්න . දැන් කට්ටිය එක මිටට එකතු වෙලා , දැන් තමයි ධර්ම යුද්ධය , සාධාරණය සහ අසාධාරණය අතර සටන

:       1       4

රුවන් Friday, 13 June 2025 01:59 PM

වර්තමානයේ ඉන්නේ දේවදත්තට වඩා අහපන් සිවුරු පොරවාගෙන ඉන්න දුෂීතයන්.දැන් මේ යන විදියට සාමාන්‍ය ජනතාව සෝවාන් වෙන්න පුළුවන් හැබැයි ස්වාමීන් වහන්සේට සොවාන් වෙන්න බෑ. අඩුම පන්සිල් පද පහ වත් රකින්න කියලා තමයි කියන්න වෙන්නේ.

:       0       1

prasanna Friday, 13 June 2025 03:50 PM

සංඝාධිකරණයට හර්ෂණ මහත්තයා පත්කරමුද?

:       0       0

දිමුත් Monday, 16 June 2025 01:55 PM

මොකටද ලිහිල් දඩුවම්? ඔය මිනිහා දැන් සාමාන්‍ය මිනිහෙක්. උපරිම දඬුවම් දෙන්න ඕනේ ශාසනේ කනවාට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13572 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site