IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අශෝභන ලෙස රාජකාරී කළ පොලීසියේ තිදෙනකුගේ වැඩ තහනම්

(ගයාන් සූරියආරච්චි)

පොලිස් හිස්වැසුම් නොමැතිව, කහට පැල්ලම් සහිතව බුලත්විට කමින් මහජනයාට අශෝභන ලෙස මාතර වැල්ලමඩම ප්‍ර දේශයේ ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යෙදී  සිටි මාතර පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩතහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙම නිලධාරීන් තිදෙනා මාතර මහ රෝහල අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටියද එම නියෝගවලට පටහැනිව මාතර තංගල්ල මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ රැදී සිට ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී මාතර හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරී කටයුත්තක් සදහා වැලිගම ප්‍ර දේශයට ගමන් කරමින් සිටියදී මෙම නිලධාරීන් තිදෙනා හිස්වැසුම් නොමැතිව කතාබහක යෙදී සිටින අයුරු දැක ඇති බව පොලිසිය පවසයි.

එම නිලධාරීන්ට ලබාදී තිබූ ස්වයංක්‍රීය ගිනි අවිය කිසිවකු අත තිබී නොමැති අතර එය ජංගම සංචාර රථය තුළ තිබෙනු දැක ඇති අතර රියැදුර වශයෙන් කටයුතු කළ කොස්තාපල්වරයා රියැදුරු ආසනයෙන් බැස එක් පාදයක් කැබ් රථයේ පිටුපස බඳ මත තබා නිල ඇදුමේ ගෞරවය නැතිවන ආකාරයට හැසිරී ඇති බව පොලිසිය පවසයි.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.



අදහස් (1)

අශෝභන ලෙස රාජකාරී කළ පොලීසියේ තිදෙනකුගේ වැඩ තහනම්

රසික Wednesday, 08 January 2025 12:34 PM

දෙන්නම එපා ඕකුන්ට රස්සාව. හොඳට ජොබ් එක කරන අයටත් නිගාවක්. නියමයි තීන්දුව.

:       9       45

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 170 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 99 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


යතුරුපැදි අනතුරින් සිසුවා මරුට
2025 මැයි මස 02 270 0

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .


නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 275 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


දේශබන්ධුට පාතාලයෙන් තර්ජන
2025 මැයි මස 02 434 2

තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස


අද කාලගුණය
2025 මැයි මස 02 93 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 414 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 107 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1130 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site